IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වලට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජේ.වී.පී උදවිය ඉතිහාසයේ සිට කළේ ට්‍රාන්පෝමර් පුපුරවා රට අන්ධකාරයට ඇද දැමීම බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම්  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලිබල සංශෝධන පනත පිළිබඳ විවාදය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

"මේ ජේ.වී.පී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රෝහණ විජේවීරගේ නොවේ. ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවලට අනුව. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව පෙබරවාරි මාසයේ ජනතා විමුක්ති පෙරමුණු කැබිනට් මණ්ඩලයෙන් රුපියල් කෝටි 18200ක් විදුලිබල මණ්ඩලයේ ණයක් විදුලි පාරිභෝගිකයන්ට පටවනු ලැබුවා.

 

අද හැම පාරිභෝගිකයෙක්ම ගෙවන බිලෙන් කොටසක් මේ ණය ගෙවන්න යනවා.බලයට එන්න පෙර කිව්වේ මේ ණය ජනතාවට දාන්නේ නැහැ කියලා.මේ සංශෝධන නිසා නිලධාරීවාදය ඒකාධිපති භාවය තවදුරටත් තහවුරු වෙන බව කිව යුතුයි.ඒ වගේම මෙය පුනර්ජනනීය බල ශක්තිය අඩපණ කිරීමට මේ සංශෝධන බලපානවා.

 

අපගේ මව් පක්ෂය ඉතිහාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් ජනතාවට විදුලි බලය ලබාදී යහපාලන ආණ්ඩු  සමය වන විට සියයට සියයක් රටට විදුලිය සපයන්න  හැකියාව ලැබුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (13)

ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වලට

පිටරැටියා Wednesday, 06 August 2025 02:38 PM

කොහෙවත් ඉන්න, කාගෙවත් ප්‍රතිපත්ති වලට දුවන්න ආණ්ඩුවට රුදාවක් නැතුව ඇති.. දූෂිත දේශපාලුවන් හොරාකාළා විනාශ කරපු අපේ රටේ ජනතාවට යහපතක් වෙනවා දකින එකයි අපිට අවශ්‍ය. හිටපු දූෂිත දේශපාලුවෝ කාගේ කාගෙත් කෙරුවාවල් ගැනත් අපි හොඳාකාරවම දන්නවා...!

:       0       0

de silva Wednesday, 06 August 2025 02:44 PM

ඔයාට ඉරිසියයිද? රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති වලට දුවන රටක් තිබෙන්නේ ලෝකේ කොහේද? ඔය 60-70 දශකවල තිබුණු ලෝකේ නොවේ අද තිබෙන්නේ..,? ලංකාවේ ආණ්ඩුව අලුත් ප්‍රතිපත්තිවලට අලුත් ගමනක් යනකොට විකාර කතා කියමින් කකුලෙන් අදින්න එපා. ළඟදීම ඇමරිකාවේ සිට එන වාහන සහ අනෙක් භාණ්ඩ වලට ගහන තීරු බද්දත් විශාල ලෙස අඩු වෙනවා.. එතකොට මෙහෙ ආර්ථිකය හැදිලා මිනිස්සුන්ගේ ජීවන තත්වය වැඩි දියුණු වෙනවා...

:       0       0

හොල්මනයිස් බුවා Wednesday, 06 August 2025 02:52 PM

ඒක එහෙමනං ඒ චෝදනාව එන්න ඕන විජේවීරගෙ සහ ජවිපෙ ප්‍රතිපත්ති හරියටම දන්න එම පාක්ෂිකයන්ගෙන් මිස මෙවන් පාංකඩයන්ගෙන් නෙවෙයි.

:       0       0

පොඩිඑකා Wednesday, 06 August 2025 02:58 PM

කියන්න දෙයක් නැතිව රෙද්දක් කතා කරනවා. රටම බංකොලොත් වෙන තැනට වැඩ කරලා තොපි තමයි රටම අන්ධකාරේ දැම්මෙ.

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 06 August 2025 03:03 PM

හොර ඔප්පු වලට ආණ්ඩුවේ ඉඩම් ඉල්ලලා අඩන එක හොද ඇති මගේ හිතේ....

:       0       0

Achi Wednesday, 06 August 2025 03:07 PM

උඹලා හොරකම් කරපු ඒවා තමයි තාම අපි ගෙවන්නේ

:       0       0

Sha Wednesday, 06 August 2025 03:08 PM

සරලයි ඉතින් ඔහෙලා හොරකම් කලා අපි ගෙවනවා තාම නැත්නම් ඉතින් ආණ්ඩුවෙන් සල්ලි මවලා ගෙවන්නද කියන්නේ

:       0       0

Kamal Koyrala Wednesday, 06 August 2025 05:20 PM

ලොකයම දුවන්නේ ට්‍රම්ප් ප්‍රතිපත්තිය අනුවයි.

:       0       0

chatjuri Wednesday, 06 August 2025 05:43 PM

උබලා රට කෙරුවේ හිගන්නෝ වාගේ. කාගේ බෙල්ල කම්දො කියලා තාමයි වැඩ පටන් ගන්නේ. මාලිමාව ට්‍රම්ප් වාගේ ධනාවාධිව හිතලා වැඩ කරන්නේ. මුන් දන්නවා මේ කරන විධියට. රට ගොඩයනවා. කියලා මුන් කැමති නැහැ.ඒ කට. මුන්ට නැවත බලයට එන්න බැරි නිසා. මුන්ට නැවත චන්ධෙ ඉල්ලන්න අංගොඩට යන්න වෙයි. නෑබිලි මුනා. මුන්ව මහින්දහැගේ. ඩයිපි මරු කරන්න අරින්න ඔන. ඒ වාගේ වැඩ තමයි කරන්න පුළුවන්. දහන් මුන්ගේ මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙනවා. තරුණයින්ට තැන ධේන්න ඕනෑ ලු. දනුයි තරුණයෝ මතක් වුනේ. දැන් ්මී වද කඩන්න නැහැ නේ. දැන් බෙල්ලේ වැල දාගන්න වෙලා තියෙන්නේ.

:       0       0

Rata Perata Wednesday, 06 August 2025 06:46 PM

මොකාගේ ප්‍රතිපත්ති වුණත් කමක් නැ රට කාපු ඔබලාගේ ප්‍රතිපත්ති නැතුව

:       0       0

Shelton Thursday, 07 August 2025 05:53 AM

ඒක හොදයි,එහෙම නැතිව කොමෙයිනීගේ,හමාස් ලාගේ ප්‍රතිපත්ති වලට අනුව නොයා යුතුයි.

:       0       0

සෙනෙවිරත්න Thursday, 07 August 2025 07:14 AM

අනේ මහත්තයෝ අපි මැරිල ඉපදිලා කියල හිතුවද, ඇමරිකන් යැංකි ජේ ආර්ගෙ පරම්පරාවෙ අය කියන කතා තමයි රටේ විහිලු. ඔය ට්‍රාන්ස්ෆෝමර කතා දැන් පරනයි, ඊට වඩා විශාල විනාශයක් කරා තමුන්නැහැලා ගෙ පක්ෂය මේ රටට. ඔහෙ මොනවහරි කියල පාර්ලිමේන්තුවේ දවස ගෙවාගන්න එපායැ නේද, නැත්නම් මේ හරියට දුවන රටට මොනවා කියන්නද?

:       0       0

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 07 August 2025 11:02 AM

ආර්ථික අර්බුදය වෙලාවේ රටේ ජනතාවට පැය 10-12 විදුලිය කපන වෙලාවේ ඔය කියවන එකෙක්ගේ ගෙදරක්වත් විදුලිය නැතිව අඳුරේ තිබුණේ නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 683 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site