
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජේ.වී.පී උදවිය ඉතිහාසයේ සිට කළේ ට්‍රාන්පෝමර් පුපුරවා රට අන්ධකාරයට ඇද දැමීම බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලිබල සංශෝධන පනත පිළිබඳ විවාදය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
"මේ ජේ.වී.පී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රෝහණ විජේවීරගේ නොවේ. ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්තිවලට අනුව. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව පෙබරවාරි මාසයේ ජනතා විමුක්ති පෙරමුණු කැබිනට් මණ්ඩලයෙන් රුපියල් කෝටි 18200ක් විදුලිබල මණ්ඩලයේ ණයක් විදුලි පාරිභෝගිකයන්ට පටවනු ලැබුවා.
අද හැම පාරිභෝගිකයෙක්ම ගෙවන බිලෙන් කොටසක් මේ ණය ගෙවන්න යනවා.බලයට එන්න පෙර කිව්වේ මේ ණය ජනතාවට දාන්නේ නැහැ කියලා.මේ සංශෝධන නිසා නිලධාරීවාදය ඒකාධිපති භාවය තවදුරටත් තහවුරු වෙන බව කිව යුතුයි.ඒ වගේම මෙය පුනර්ජනනීය බල ශක්තිය අඩපණ කිරීමට මේ සංශෝධන බලපානවා.
අපගේ මව් පක්ෂය ඉතිහාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් ජනතාවට විදුලි බලය ලබාදී යහපාලන ආණ්ඩු සමය වන විට සියයට සියයක් රටට විදුලිය සපයන්න හැකියාව ලැබුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙවත් ඉන්න, කාගෙවත් ප්‍රතිපත්ති වලට දුවන්න ආණ්ඩුවට රුදාවක් නැතුව ඇති.. දූෂිත දේශපාලුවන් හොරාකාළා විනාශ කරපු අපේ රටේ ජනතාවට යහපතක් වෙනවා දකින එකයි අපිට අවශ්‍ය. හිටපු දූෂිත දේශපාලුවෝ කාගේ කාගෙත් කෙරුවාවල් ගැනත් අපි හොඳාකාරවම දන්නවා...!
ඔයාට ඉරිසියයිද? රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති වලට දුවන රටක් තිබෙන්නේ ලෝකේ කොහේද? ඔය 60-70 දශකවල තිබුණු ලෝකේ නොවේ අද තිබෙන්නේ..,? ලංකාවේ ආණ්ඩුව අලුත් ප්‍රතිපත්තිවලට අලුත් ගමනක් යනකොට විකාර කතා කියමින් කකුලෙන් අදින්න එපා. ළඟදීම ඇමරිකාවේ සිට එන වාහන සහ අනෙක් භාණ්ඩ වලට ගහන තීරු බද්දත් විශාල ලෙස අඩු වෙනවා.. එතකොට මෙහෙ ආර්ථිකය හැදිලා මිනිස්සුන්ගේ ජීවන තත්වය වැඩි දියුණු වෙනවා...
ඒක එහෙමනං ඒ චෝදනාව එන්න ඕන විජේවීරගෙ සහ ජවිපෙ ප්‍රතිපත්ති හරියටම දන්න එම පාක්ෂිකයන්ගෙන් මිස මෙවන් පාංකඩයන්ගෙන් නෙවෙයි.
කියන්න දෙයක් නැතිව රෙද්දක් කතා කරනවා. රටම බංකොලොත් වෙන තැනට වැඩ කරලා තොපි තමයි රටම අන්ධකාරේ දැම්මෙ.
හොර ඔප්පු වලට ආණ්ඩුවේ ඉඩම් ඉල්ලලා අඩන එක හොද ඇති මගේ හිතේ....
උඹලා හොරකම් කරපු ඒවා තමයි තාම අපි ගෙවන්නේ
සරලයි ඉතින් ඔහෙලා හොරකම් කලා අපි ගෙවනවා තාම නැත්නම් ඉතින් ආණ්ඩුවෙන් සල්ලි මවලා ගෙවන්නද කියන්නේ
ලොකයම දුවන්නේ ට්‍රම්ප් ප්‍රතිපත්තිය අනුවයි.
උබලා රට කෙරුවේ හිගන්නෝ වාගේ. කාගේ බෙල්ල කම්දො කියලා තාමයි වැඩ පටන් ගන්නේ. මාලිමාව ට්‍රම්ප් වාගේ ධනාවාධිව හිතලා වැඩ කරන්නේ. මුන් දන්නවා මේ කරන විධියට. රට ගොඩයනවා. කියලා මුන් කැමති නැහැ.ඒ කට. මුන්ට නැවත බලයට එන්න බැරි නිසා. මුන්ට නැවත චන්ධෙ ඉල්ලන්න අංගොඩට යන්න වෙයි. නෑබිලි මුනා. මුන්ව මහින්දහැගේ. ඩයිපි මරු කරන්න අරින්න ඔන. ඒ වාගේ වැඩ තමයි කරන්න පුළුවන්. දහන් මුන්ගේ මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙනවා. තරුණයින්ට තැන ධේන්න ඕනෑ ලු. දනුයි තරුණයෝ මතක් වුනේ. දැන් ්මී වද කඩන්න නැහැ නේ. දැන් බෙල්ලේ වැල දාගන්න වෙලා තියෙන්නේ.
මොකාගේ ප්‍රතිපත්ති වුණත් කමක් නැ රට කාපු ඔබලාගේ ප්‍රතිපත්ති නැතුව
ඒක හොදයි,එහෙම නැතිව කොමෙයිනීගේ,හමාස් ලාගේ ප්‍රතිපත්ති වලට අනුව නොයා යුතුයි.
අනේ මහත්තයෝ අපි මැරිල ඉපදිලා කියල හිතුවද, ඇමරිකන් යැංකි ජේ ආර්ගෙ පරම්පරාවෙ අය කියන කතා තමයි රටේ විහිලු. ඔය ට්‍රාන්ස්ෆෝමර කතා දැන් පරනයි, ඊට වඩා විශාල විනාශයක් කරා තමුන්නැහැලා ගෙ පක්ෂය මේ රටට. ඔහෙ මොනවහරි කියල පාර්ලිමේන්තුවේ දවස ගෙවාගන්න එපායැ නේද, නැත්නම් මේ හරියට දුවන රටට මොනවා කියන්නද?
ආර්ථික අර්බුදය වෙලාවේ රටේ ජනතාවට පැය 10-12 විදුලිය කපන වෙලාවේ ඔය කියවන එකෙක්ගේ ගෙදරක්වත් විදුලිය නැතිව අඳුරේ තිබුණේ නෑ නේද?