
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව මෙතෙක් කළ දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වී නැතැයි පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ලක්ෂ විසි තුනක් අඩුවීමෙන් හොඳින්ම අවබෝධ වන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය.
සාමාන්‍යයෙන් ජනපතිවරණයක් සහ මහා ඡන්දයක් ජයග්‍රහණයෙන් පසුව පවත්වන පළාත් පාලන මැතිවරණයකදී ආණ්ඩුවේ ඡන්ද වල වර්ධනයක් සිදු විය යුතු වුණත් මෙවර පුංචි ඡන්දයේදී ආණ්ඩුවට විශාල පසු බෑමක් අත්වී තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව දීමේ උත්සවය අමතමිනි.
ඔබ දිවුරුම් දී පළාත් පාලන ආයතන වල වැඩ බාර ගත යුතුව තිබෙනවා.ඔබ සියලු දෙනාටම අප විශේෂ පුහුණුවක් ලබා දෙනවා.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමටත් පක්ෂ සංවිධාන කටයුතු ගැනත් පුහුණුවක් ලබා දේවි.
මේ ඡන්දය පැවැත්වුණේ පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණයෙන් පසුවයි.එය විශේෂ ඡන්දයක්.සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එවැනි ඡන්දයක් පැවැත්වූ විට වැඩිම ඡන්ද ලැබෙන්නේ බලය තිබෙන ආණ්ඩු පක්ෂයටයි.නමුත් මෙහිදී ඊට වඩා දෙයක් වුණා.
මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් යළිත් වරමක් ඉල්ලුවා.ඔවුන්ට කලින් දුන් වරම තහවුරු කරන්නැයි කිව්වා.නමුත් සිදු වුණේ කුමක්ද?
පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබුණු ලක්ෂ 68 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45ක් දක්වා අඩු වුණා.ඒ කියන්නේ ලක්ෂ විසිතුනක පිරිසක් ආණ්ඩුවට අදාළ සහතිකය ලබා දුන්නේ නැහැ.
ඒ කියන්නේ පළමු වතාවට ආණ්ඩුව වැටුණා.සාමාන්‍යයෙන් වරම ඉල්ලුවා නම් වරම ලැබෙන්න ඕන.වරම ලැබෙන්නේ නැතිනම් ඒක විශාල පසුබැසීමක්.ඒ කියන්නේ මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
(ඡායාරූප: ප්‍රදීප් පතිරණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නෑ. ඔයාගේ පක්ෂයෙන් එවන විදිහක් බලන්නකෝ..
තමුන්නැහැලා කරපුවට මිනිසුන්ගේ සතුට ඉහවහා ගිහින්. ඒක දැක්කා නේද පහුගිය ඡන්ද ප්‍රතිඵල වලින්...
ඒකට ඔයාලා වද වෙන්න එපා. UNP අතුගාලාම දැම්මා. දැන් ඉන්නේ සජිත් මහත්තයා... හවුල් හදලා අවුල් පරම්පරාවට බාරදෙන්න බැහැ. ඔරිජිනල් අලි දැන් පක්ෂයේ නැහැ. ජනතාව නොදුන්න ලක්ෂ 45 එළියට ආවෙ නැත්තේ මොකද කියන්න.
මට සතුටුයි.
අනිවාර්යයෙන්ම ! මහබැංකු මහ මංකොල්ලයේ මහ මොළකරු තවම නිදැල්ලේ, ඌව අත්අඩංගුවට ගත්තු දවසට අපි කිරිබත් කනවා. රතිඤ්ඤා පත්තු කරනවා පාරේ නටනවා..
ඒක නේද ඔහේලාට ප්‍රාදේශීය සභාවක් වත් නොදී ගහලා එලෙව්වේ…?
ඔන්න අද සිට සතුටු වෙන්න පටන් අරන්.. වරම රෝල් කරලා ගහගන්න තමයි කියන්න වෙන්නේ...
පින්හාමි. ආන්ඩුවක් හදන්න මාලීමාවට වරම් අවශ්‍ය නැහැ. එයාලා යක්කු නටන බන්ගලාව. ලස්සනට හදලා ගන්නවා. තමුන්ගේ නඩේගුරාලා දෙන්නාට දුන්නු දඬුවමට හෙට තියන්න ඡන්දයක් දිනන හැටි පෙන්වන්න. පිනාටත් දෙන්න ඕන ජීවිත කාලයටම බරපතල වැඩ සහිත හිර දඬුවම්. විශ්‍රාම අරගෙන බැන්කු ම්න්කොල්ල කාලා. හිතුවාට ජනතාවට බදු පටවමින් හොර නඩේත් එක්ක හොරාකමින් සැප විඳපුවාට. බන්ධනාගාර. බස් එක එයි දැන් ලස්සන ලයිට් දාන්. හොරාකාපූ නඩේ හොයන් යමු යමු. හැටටහැටේ.... මයිනා නගී විජේරාමෙන්. පිනා නගී කජු ගමින්. ගෝටා නගී නුගේගොඩින්...
ඔහේට තියෙන එකම වරම.... එළියේ ඉන්න ටික දවස, සාගල බිරිඳත් එක්ක ආතල් එකේ ඉන්න...
අනේ පව් නේද මෙතුමා...?
ආන්ඩුව ගැන ජනතාව සතුටුයි. ඔය හොර ගොබ්බ රැල තමයි. මේස කටුවක් තියලා මයික් එකක් අර්න් අදෝනා කියන්නේ ජනතාව පිටින් දාලා. මාලිමාව ජනාධිපතිකම ගන්නකොට. මන්ත්‍රිලා තුන්දෙනයි. ගොබ්බයෝ හිනහ වුණා නමුත් පිනෝ. නුබ දන්න දවසෙ ඉඳලා පාර්ලිමේන්තුවේ ගොබ්බ රෑන... ඕනෑවටත් වැඩියෙන් රැස්වීමට පිනාගේ කතා අහන්න සෙනඟ... පොදි බැඳගන. නමුත් ප්‍රතිඵල බින්දුවයි... කොහොමද මාලිමාවේ ප්‍රතිඵල. එකපාරයි ඉල්ලුවේ. අත උඩින් දිනුවා. තමුන්කීපාරක් ඉල්ලුවාද? බටලන්දේ සාපේ වැදුනේ.... අද හිරදඬුවම් නියමවුණා. ගෝබ්බ මන්ත්‍රීලාට. හිරේ යන්නවුනේ මයිනාගේ පිනාගේ. ගෝඨාගේ... හොරවැඩහින්දා කිසිම නීතියක් නැහැ. හොඳට හොරා කන්න දුන්නා. දැන් කොහොමද ප්‍රතිඵල... ඔය තුන්දෙනත් ඩයිපි ඇදගනම ඉන්න... ඒ තරම් දරුණුයි.
ඒක පාක්ෂිකව අන්ධ භක්තිකව මාලිමාව පමණයි මේ ලෝකෙ තියෙන එකම වැඩකාර පක්ෂය යැයි හිතන මං වගේ හරකෙකුට නම් ඔය කියන කිසිම දේක හරි වැරැද්දක් පේන්නේ නෑ.
ආණ්ඩුවේ ලොක්කෝ කියනවා ආර්ථික අර්බුදයෙන් ගලවා ගත්තේ ඔවුන් කියලා, ඔවුන් රට බාරගන්නකොට භාණ්ඩාගාරය හිස් කියලා. ඒක විශ්වාසයට අරන් ඉන්න මෝල් හැත්තකුත් ඉන්නවා. ඔවුන්ට තේරෙන්නේ නැහැ. ආණ්ඩුවට බහුතර ආසන තිබුණාට (ඒක මේ ඡන්ද ක්‍රමයේ හැටි) මහජන කැමැත්ත සරල බහුතරයවත් නැහැ කියලා. මොලේ නැතිවාට කරන්න දෙයක් නැහැ ඉතින්...
මාලිමාගැත්තෝ, තමුන්නැහැලාගේ කට්ටිය වැඩ කාරයෝ කියලා හිතාගෙන ඉඳලා රටේ මිනිස්සුන්ට වෙච්චි දේ පහුගිය පෝලිම්වල දැක්කා..
අළුතින් පත්වුණු එජාප සභිකයින්ට විශේෂ පුහුණුවක් දෙනවළු හොරකම පිළිබඳව...
ඔබ පැරදුණු එකේ සතුට හොඳටම ඇති...
කමක් නැහැ සබීතා නම් කැමැති...
ඡන්දය දීපු අපි satutin ඉන්නවා paradaya unu set eka dan විකාර කියනවා ,,,,ළඟදීම යන්න ලෑස්ති වෙන්න ,,අපිට මතකයි 76 අවුරුද්දක් රට විනාස කරපු විදිහ.
පින්හාමි අතේ ,දැන් ඉතින් මක්කැයි අපි කරන්න ඕනේ ?