IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘‘ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ රාජ්‍ය දේපොළ මිනිසුන් උදෙසා යෙදවීමයි‘‘

(අංජුල මහික වීරරත්න)

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

ජනාධිපති අරමුදලෙන් මෙම ඇගැයුම් ලබාදෙයි.

මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂ වලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි. මෙහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම බවත්, ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවත්ය.

එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

 



අදහස් (6)

‘‘ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ රාජ්‍ය දේපොළ මිනිසුන් උදෙසා යෙදවීමයි‘‘

ජිල්බු Saturday, 23 August 2025 07:07 PM

මොනවද මේ කියන්නේ! රාජ්‍ය දේපල තියෙන්නේ ලොක්කන්ට සැප ගන්න කියලා ජනතාවට කියලා තියෙන්නේ. ඒකනේ හොරු හිරේ යනකොට සමහරු අඬන්නේ.

:       29       18

ජිල්බු Saturday, 23 August 2025 07:07 PM

මොනවද මේ කියන්නේ! රාජ්‍ය දේපල තියෙන්නේ ලොක්කන්ට සැප ගන්න කියලා ජනතාවට කියලා තියෙන්නේ. ඒකනේ හොරු හිරේ යනකොට සමහරු අඬන්නේ.

:       27       15

Allewela Gamage Saturday, 23 August 2025 07:34 PM

කොළු කතා නායක​...

:       12       30

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 23 August 2025 08:05 PM

කොල්ලෝ බලාගෙනයි ඔය සහතික පත්‍ර ගන්නේ, ඕවා අස්සේ පොළොන්නරුවේ කෙනෙකුගේ ලිපිනය තියෙන්න පුළුවන්! වහාම ඇවිත් පොළොන්නරුවේදී හෝ ලෝරිස් පාරේදී හමුවන්න කියලා !

:       10       32

PGPThilak Saturday, 23 August 2025 08:20 PM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙතෙක් පත්වූ හොඳම කථානායක ජගත් වික්‍රමරත්න!

:       36       14

Cham Sunday, 24 August 2025 02:17 PM

කොල්ලන්ට ගහන්නේ, රාජ්‍ය දේපළ පොදු යහපත සදහාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site