
(අංජුල මහික වීරරත්න)
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
ජනාධිපති අරමුදලෙන් මෙම ඇගැයුම් ලබාදෙයි.
මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂ වලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි. මෙහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම බවත්, ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවත්ය.
එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කියන්නේ! රාජ්‍ය දේපල තියෙන්නේ ලොක්කන්ට සැප ගන්න කියලා ජනතාවට කියලා තියෙන්නේ. ඒකනේ හොරු හිරේ යනකොට සමහරු අඬන්නේ.
මොනවද මේ කියන්නේ! රාජ්‍ය දේපල තියෙන්නේ ලොක්කන්ට සැප ගන්න කියලා ජනතාවට කියලා තියෙන්නේ. ඒකනේ හොරු හිරේ යනකොට සමහරු අඬන්නේ.
කොළු කතා නායක...
කොල්ලෝ බලාගෙනයි ඔය සහතික පත්‍ර ගන්නේ, ඕවා අස්සේ පොළොන්නරුවේ කෙනෙකුගේ ලිපිනය තියෙන්න පුළුවන්! වහාම ඇවිත් පොළොන්නරුවේදී හෝ ලෝරිස් පාරේදී හමුවන්න කියලා !
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙතෙක් පත්වූ හොඳම කථානායක ජගත් වික්‍රමරත්න!
කොල්ලන්ට ගහන්නේ, රාජ්‍ය දේපළ පොදු යහපත සදහාද?