
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට ලැබී තිබෙන්නේ ජනවරමක් නොව දඬුවමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ රටේ ජන ජීවිතය අඩාල කරන්නට ගරිල්ලා ත්‍රස්තවාදීන් කටයුතු කළා. මේ බටලන්ද නිර්මාණය වන්නේ ම්ලේච්ඡ තිරිසන් ත්‍රස්තවාදය නිසා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට අප චෝදනා කරනවා.
ජවිපෙ පව් හෝද ගන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය ඉවර කරන්න සහය දුන්නා කියලා. ඔවුන් බොරු දේශප්‍රේමය කාවද්දලා ජනතාව රවටා මිනීමරුවන් බවට පත් කළා.ජන ජීවිතය එහෙම් පිටින්ම විනාශ කළා.එදා රාජ්‍ය දේපළවලට කොතරම් ගිනි තැබුවාද? එදා යූඑන්පී කාරයන් වෙච්ච වරදට ඝාතනය කලා.මේවා කළ අය බටලන්දට ගෙනිහින් කෝපි කෝප්පයක් දීල ඇහුවම කියාවිද?
ආණ්ඩුවට මේ දීල තියෙන්නේ වරමක් නෙමෙයි දඬුවමක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට ජනවරමක් ලැබුනේ නිසා තමා හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ යට ගහපු, ඝාතන අතුරුදන් මිනිමැරුම්,පාතාලේ ඇතුළු සියලුම අපරාධ. හෙළිදරව් කරන්ඩ පුලුවන්කම ලැබුණේ .
මේ හැමෝම තමන්ගෙ නායකයෝ 1983 කරපු මහා පව අමතක කරල තමයි කතාකරන්නේ. 83 කලින් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයෝ ඉතාම සුළු පිරිසක් හිටියේ. කලු ජූලියෙන් පස්සෙ ඒ සාමාජිකයො සිය දහස් ගණනින් වැඩි වුණා. ජේ ආර්.ගේ මෝඩ විදේශ ප්‍රතිපත්ති නිසා ඉන්දියාව කොටින්ට, අනික් කණ්ඩායම්වලට ආධාර කෙරුවා. කලු ජූලියේ ලෝක ලැජ්ජාව වහගන්න කිසිම සම්බන්ධයක් නැති වාමාංශික පක්ෂ තහනම් කෙරුවා. තමන්ගේ දේශපාලන නිදහස, අයිතිය වෙනුවෙන් තරුණ කණ්ඩායම් ආයුධ අතට අරගෙන ත්‍රස්තවාදී වැඩ කෙරුව. ආරම්භය 1983. මේක තව කී පාරක් ලියන්න වෙයිද දන්නෑ.
මේ මහත්තයා කියන්නේ සහතික ඇත්ත. ඒක හින්දා, දශක හතක් තිස්සේ ජනතාවගේ රීරිමාංශ උරාබීපු හොර තක්කඩින්වත් CID එකට ගෙනිහින් කෝපි කෝප්පයක් දීලා ඇහුවාම හොරකපුවා කියයිද? හොඳම වැඩේ, අපි බටලන්ද නැවත විවෘත කරලා, රට බංකලොත් කරපු හොර තක්කඩින් ටික ඒ වධකාගාරයට දාමු.
මෙයා ඔය කාලේ ඉපදිලාවත් හිටියද දන්නේ නෑ. එජාප කාරයෙක් නෙවෙයි, සරසවි ශිෂ්‍යෙයක් වීමයි ඒ කාලේ මරණයට සුදුසුකම...
උබලා තමයි වරම් ගන්න දේවාල ගානේ ගියෙ. යනා අක්කා ඉන්නෙ. ගෙවල් ලගද. තමුන්ගෙ. ගොබ්බ්‍යින්ට මොලේ කලදක්. නැහැ. මිනොමරන්න හොරාකන්න. විතරයි දන්නෙ. රට දැන් හරි හොදයි මුන්ට ඇස් දේකට පේන ෆ්හකින ඒවා දිරවන්නෙ නැහැ. උබලට. සුමනදාසයි. යානා. අක්කයි. එක හොරෙක් අල්ලා දුන්නාද දැන් හොරු පෝලිමට හිරේ යන්නෙ. නායකයා. බුද්දිමත් නිසා. වැඩිය කියවන්න. එපා ලගදීම ඇතුලට යන්න වෙයි. මුන බැලුවම ලාමක ටින් ටින්. වගෙ. හොරා කන්නත් නැහැ. මන්ත්‍රි වැටුපත්. නැහැ. එහෙම වුනේ උබලා දෙවියො රැවට්ටුවා.
හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා එදා කිරුළපන දී කීවේ ඇත්ත කවදා හෝ හෙළිවන බවයි. දැන් සියලුදෙනාගේ හපන්කම් හෙළිවන කාලයයි. රටට ඇත්ත සුබ අනාගතය උදාවනවා නියතයි.