කැලණිය විශ්ව ආචාර්ය උපාධිධාරියකු වූ වසන්ත සේන වැලිංගගේ මහතා ආදෝළනාත්මක පර්යෂණයකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ කංසා ඔසුවක් ලෙස නීති ගත කිරිමේ ක්‍රමයක්ද සකස්කරමින් සිටී

අතීතයේ ලංකාවේ කංසා භාවිතා කිරීම තුළින් ලැබූ ප්‍රයෝජන හා ඒ ඇසුරෙන් ලද ගුණය පිළිබඳ ඔහුගේ පරීක්ෂණ හා සමීක්ෂණ වලින් සනාත කරගෙන තිබේ.

ආචාර්ය වසන්ත ගේ, "ත්‍රෛලෝක්‍යවිජයා” නමින් පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආයුර්වේදීය සහ බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවන මිනිසා සහ කංසා අතර සහ සම්බන්ධතාවෙහි විකාශනය නම් කෘතියක්ද එළි දක්වා ඇති අතර අතිතයේ විවිද රටවල් ආදියේ විසූ මිනිසුන්ගේ ජීවිත හා කංසා වල ඇති සම්බන්ධතාවය ඒ තුළින් පෙන් වා දී ඇත.

එමෙන්ම කංසා පැළෑටියෙන් සකස් කර ගන්නා විවිධ නිශ්පාදන පිළිබඳවද ආචාර්ය වසන්ත මහතා විසින් සිය පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.

“කංසා මුලින්ම හමුවෙලා ටික කලක් ගත වනවිට මේවා ආහාරයට ගත්තාම ලෙඩ රෝග අඩුවන බව මිනිස්සු දැනගත්තා. ඒ වගේම, ලෙඩ රෝග හැදුණු අයට මේවා දීමෙන් ඔවුන් සුවපත් වන බවත් ඔවුන් දුටුවා. මෙය ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව ඒකෙන් මිනිස්සු තේරුම් ගත්තා. චීනයේ සිටි ෂෙන්ලුං අධිරාජයා වැනි අය කංසාවල ගුණ පිළිබඳ ලිව්වා. ඒ ආකාරයට චීන භාෂාවෙන් ලියූ ලිපි ලේඛන රැසක්ම තිබෙනවා.”

“මං පර්යේෂකයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ පළමු උපාධිය ලැබීමෙන් පසු, ශ්‍රී ලංකාවේ වැව්වල ජීවත්වන මසුන්ගේ ආහාර රටා ගැන දර්ශනපති උපාධියත්, ගංගා ඇළ දොළ ආශ්‍රිත ජීවීන් ගැන ආචාර්ය උපාධියත් හැදෑරුවා. කංසා කියන්නේ වසර 12000කට ආසන්න කාලයක් තිස්සේ මිනිසාගේ චිර ජීවනයටත්, මානව සංස්කෘතියේ පෙරළිකාර නිර්මාණ බිහි කිරීමටත් උපකාරී වූ ශාඛයක්.

කංසා තහනම් කළේ දැව තලපයෙන් නිපදවන කඩදාසි හා පොළොවෙන් ලබා ගන්නා පෙට්‍රෝලියම් ආශ්‍රිත මූලික සම්පත් භාවිත කර නිපදවන කෘත්‍රිම භාණ්ඩ සහ ඖෂධවලට අවශ්‍ය වෙළෙඳ පොළ තනන්නයි. මුලින්ම ඇමෙරිකාවත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මුළු ලොව පුරාමත් එය තහනම් කළා.

කංසා පිළිබඳ අපගේ දැනුම අල්පයි. කිසිවක් නොදන්නවා යැයි කීවත් වරදක් නෑ. කංසා කියන වචනය පවා අපි ප්‍රසිද්ධයේ කීමට මැළි වෙනවා. බිය වෙනවා. හේතුව එය තහනම් කර ඇති නිසයි. කංසා වගාව, ප්‍රවාහනය , විකිණීම, භාවිතය යන සියල්ල නීති විරෝධීයි.

නමුත් ලංකාවට හොඳම ආදායම් මාර්ගයක් සකසා ගත හැකි මේ කංසා නීති විරෝධි ශාඛයක් වශයෙන් නමි කිරීම විශාල අපරාධයක්.”යැයි වසන්ත මහතා මෙහිදී අනාවරණය කරයි.