IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ආචාර්ය ගයන්තගෙ බිරියත් දිවි ගමන නිමා කරයි

(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ ගයාන් සූරියආරච්චි)

මීරිගම මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය  18 මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අනතුරින මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ   බිරියද අද (26) අලුයම  මරණයට පත්වී ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි .

මෙසේ මියගොස් ඇත්තෙ මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි සතීෂා ගයන්ත මහත්මියයි.

මෙම අනතුරින් දරුවන් තිදෙනා ඇතුළු හය දෙනෙකු තුවාල ලැබු අතර , බරපතල තුවාල ලැබූ ඇය දියණියන් දෙදෙනා හා පුතු සමඟ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත. 

කථිකාචාර්යවරයාගේ ඥාති සොහොයුරාද ඉකුත් දිනෙක  ප්‍රතිකාර ලබමින් සිටිද්දී මරණයට පත් වූ අතර ඒ අනුව මෙම අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.

 කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී. ගුණේන්ද්‍ර. ගයන්ත( 45)  මහතා ඇතුළු පවුලේ පිරිස   වෑන් රියකින් යාපනයේ සිට ආපසු නිවස බලා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා  තිබිණි.

 

 



අදහස් (8)

ආචාර්ය ගයන්තගෙ බිරියත් දිවි ගමන නිමා කරයි

death Wednesday, 26 March 2025 12:44 PM

දුර ගමන් යාමේදි රියැදුරු සමග කථා කර කර යාම එ අසල සිටින පුද්ගලයාගේ වගකිමක් වේ. නිදා නොගෙන වේගය පාලනයට, රියැදුරාට නින්ද නොයාමට...

:       0       31

ගුණරත්න Wednesday, 26 March 2025 01:12 PM

මේ ආචාර්යතුමා මගේ වයසේමයි, රියැදුරාගේ නොසැලකිලිමත්කම නිසා මරණ 3ක් වුණා. හයිවේ යනකොට හෙමින් යන ලොරි රථවල වේගය නිශ්චය කරන්න අමාරුයි... ඒවා වලත් පිටුපස ආලෝක කර නැති නිසා හොඳින් දර්ශනය වෙන්නෙත් නැහැ. ඉතින් බොහෝම ප්‍රවේශමෙන් රිය පදවන්න ඕනෑ..

:       0       36

අනිල් පෙරේරාWednesday, 26 March 2025 01:40 PM

මේ රියදුරා වාහනය 160km/h ගිහින් තියෙන්නේ... ලෝකයේ හයි වේ එකක යන්න පුළුවන් උපරිම වේගය ලංකාවේ තියෙන්නේ හයි වේ එකක් නෙමෙයි.. එක්ස්ප්‍රස් වේ එකේ උපරිම වේගය 100 km/h යි.

:       1       21

පිටරැටියා Wednesday, 26 March 2025 01:36 PM

මේ රටවලට සාපේක්ෂව ලන්කාවේ දිනෙන් දිනම සිදුවන රිය අනතුරු ප්‍රමාණය හොඳටම වැඩියි. හරිම කණගාටුදායකයි.

:       0       23

sugath Wednesday, 26 March 2025 03:17 PM

දැන් ඉතින් දරුවන් තුන්දෙනා අනාතයි.

:       0       13

pakeer Wednesday, 26 March 2025 08:06 PM

මෙවන් අකල් මරණ මේ උත්තමයන්ට යළි නොවේවා. ප්‍රශ්න හුඟක් ඉතුරු කරලා ගියා. සමාජීය, ප්‍රායෝගික දැනුම වගේම හුඟාක් ඒවා...

:       0       9

Rohana Thursday, 27 March 2025 04:58 AM

අතිශයින්ම ශෝකජනක පුවතක්. උපරිම වේගය 100 ට සීමාකරල තියෙන්නෙ අනතුරු වැලැක්වීමටයි. 100 ට අඩුවෙන් ගියානම් මේ අනතුර වලක්වාගන්න තිබුනා. දැක්ඉතින් වෙන්නවුන දේ වෙලා හමාරයි.

:       0       0

කමනි Thursday, 27 March 2025 07:29 AM

පොඩි දරුවො 3 දෙනෙක් එක්ක පැයට කිමී 160ට යනකොට නිකංවත් හිතුනෙ නැද්ද ඔහොම යන්න එපා කියන්න. දියුණු රටකවත් මේ වේගෙන් යන්න ඉඩ දෙන පාරවල් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. අපේ රටේ safety කියන දේ ගැන කිසිම තැකීමක් නැහැ. මේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ තමන් මැරෙන්න පුලුවන්, ලෙඩක් හැදිලා, එහෙමත් නැත්නම් වයසට ගිහිල්ලා විතරයි කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 985 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site