(ඉන්දිකා රාමනායක)

ආගමික  අසමගිය ඇති කිරීමට  කිසිවකුටත් ඉඩ ලබා නොදෙන බවත්,  එවැනි පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක  රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාිවෙන් විවිධ අරමුණු සහිත පිරිස්  සම්බන්ධයෙන්  අවධානය යොමුකර බවද ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ  මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිවන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 පසුගිය කාලයේ ජනතාව දරුණු ආර්ථික අර්බුද වලට මුහුණ දුන් බවත්, එම දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවද අමාත්‍යවරයා කීය.