(අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී බී.එම්. ඩී. නිලුෂා බාලසූරිය මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ආගමන විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක් පිටිය මහතා 2024-09-25 දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින්, එම තනතුරේ රාජකාරි කටයුතු ඉටු කිරීම පිණිස වහාම සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇති හෙයින් මෙම පත්කිරීම කළ බව රජය කියයි.
COMMENTS
ගෙදර සිටම පාස්පෝට් ලබාදීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්න දැනට පාස්පෝට් ලබාදීමේ ක්‍රමය ජීවිතයත් මරණයත් අතර සටනකි.
එමිග්රේෂන් එකේ සමහර කාර්යාල කාර්ය සහයක පවා වැඩට එන්නේ සුකොපභෝගී වාහන වල , පිරිසිදු කිරීමේ සේවකයාගේ සිට ආගමන විගමන පාලක දක්වා ඉන්නේ හොරු ඔවුන් පගගහන්නේ සමුපකාර ක්‍රමයට , හැමෝටම අදාල කොටස ලැබෙනවා , පගාව නොදෙන මිනිස්සු රස්තියාදු කරන එකේ නිමාවක් නැහැ, මිනිස්සු හැමදාම පෝලිම් වල දුක් විද විද හුල්ලනවා , ඕකේ පාලකයා සිතුවා ඔහුගේ සල්ලි , දේශපාලන බලයට අධිකරණයට කරගන්න , ඔහුට සිදුවුනේ කෙසෙල් ගසට කොටපු කොට්ටෝරුවට වුණ වැඩේ , මෙදා පාර නම් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. , පෙනෙන විදිහට ඔහුට හොඳ තීන්දුවක් ලැබේවි අනික් ලොක්කන්ටත් පාඩමක් ඉගෙන ගන්න එක්ක ඉදිරියට මෙවැනි වැරදි නොකරන්න , ගරු අධිකරණයට මගේ ප්‍රණාමය
අනුර සහෝදරයා , පාස්පෝර්ට් එක මුද්‍රණය කරන්න වියදම් වෙන්නේ ඩොලර් 5 නොහොත් රුපියල් 1500 අඩු මුදලකි නමුත් මේක ලබාදෙන්න රුපියල් 10000 අය කරනවා , බැරිද මේක අපට රුපියල් 5000 කට පමණ ලබාදෙන්න , එහෙම කලත් රජයට රුපියල් 3500 පමණ ලාභයක් තිබෙනවා ,
මේ හොරා ගේ තරාතිරම නොබලා ඔහු රිමාන්ඩ් කිරීමට අධිකරණය ගත් තීරණයට මුලින්ම මගේ ප්‍රණාමය පුද කරනවා.. රියැදුරු බලපත් කන්තෝරුවෙත් විශාල ප්‍රශ්න ගොඩක් තිබෙනවා... එකෙත් වංචාව දුෂණය අසාධාරණය මහා ඉහළින් රජකරනවා... වසර 2 පමණ කොළ කැබලි සාක්කුවේ දමාගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුක් විඳිනවා... කරුණාකර මේ ප්‍රශ්නේ ගැනත් මැදිහත්වෙලා සොයාබලා සුදුසු තීන්දුවක් දෙන ලෙස ගරු අධිකරණයෙන් හෝ වෙනත් බලධාරියෙක්ගෙන් ඉල්ලා සිටිනවා.