
(අංජුල මහික වීරරත්න)
ආගමක් දහමක් විශ්වාස කරන්නේ නැති අයට තවත් කෙනෙක්ගේ භාෂාවක් ආගමක් දහමක් සංස්කෘතියක් ආරක්ෂා කරන්න බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.
"අපි සිංහල බෞද්ධාගම වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද මේ රටේ බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නවා. ඒ වගේම අපි මේ රටේ බෞද්ධයෝ. ඉතින් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් සහ බෞද්ධ වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි බුද්ධ ධර්මය වෙනුවෙන් සහ බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී ඉන්න එක ජාතිවාදය නෙමෙයි.ඒ වගේම බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දර්ශනය වගේම මේ රටේ සියලු ආගම් සියලු සංස්කෘතියෙන් ආරක්ෂා කරන අපි පෙනී සිටිනවා ,විශ්වාස කරනවා. මේ රට ගොඩනැගී තියෙන්නේ බෞද්ධ පදනම මත. රටේ සියලු ආගම් ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා.ඒ හින්දා අපි බයක් නෑ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ බොරු භක්තියක් පෙන්නලා ආගමට මුවා වෙලා බලය ගන්න මේ ලංකාවේ අයට බැහැ.
ඒකනේ ඔයාලගේ ආණ්ඩු කාලේ හැමදාම ජාතිවාදය තිබ්බේ නැද්ද? එහෙම ඡන්දෙ දිනලා තමයි ගෝඨාභයට පස්සේ දොරෙන් යන්න වුණේ...
මේ මිනිහ මේ වහෙන් ඔරෝ කියන්නේ අර තිරිකුණාමලේ සිද්ධිය හරියට රජය වුවමනාවෙන් කරලා ආගමට හිරිහැර කරනවා රජයේ ප්‍රධානීන්ට ආගමක් නැහැ... හැබැයි මිනිහා නම් හරිම ආගමට ලැදියි කියන කතාවනේ... තිරිකුණාමලේ සිද්ධිය වුනේ රජයේ වැරැද්දකින් නෙමෙයි හාමුදුරුවරු මුලුන්ම වෙරල සීමාවේ ඉදිකිරීමක් කරන්න ගිය නිසා. ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙයා හිතන් ඇති මේක කරපු අසික්ෂිත වැඩ අපිට අමතකයි අපි මෝඩයෝ කියලා. ඔය සංස්කෘතිය රකිනවායි කියන ඔය මිනිහා තාත්තාගේ බලය හිතට අරන් දළදා මාලිගාව අවට පාරවල් වසාගෙන නටපු නාඩගම අදටත් අපිට මතක් වෙනකොටත් පිලිකුලයි. එවකට හිටපු මල්වතු නාහිමියන්ට හදිසි අසනීප තත්වයක් ඇවිත් ඉස්පිරිතාලයකටවත් එවෙලේ යන්න බැරි වෙලා තිබුණා. මේක පාරවල් වහගෙන රේස් පැද්ද නිසා. පහුවදා හාමුදුරුවෝ හරි තරහින් රූපවාහිනියක මේ බව කිව්වා. මේ වගේ එකෙකුට ආගම සංස්කෘතිය බාර දුන්නොත් එදා ඉඳන් රටේ මිනිස්සුන්ට තණකොළ පුන්නක්කු කන්න තමයි වෙන්නේ. මට කියන්න තියෙන්නේ ගිහින් අර සර්වඥ ධාතුන් ප්‍රදර්ශනයකට ගිහින් තාත්තා වගේ වැඳලා පුදලා තියෙන සංස්කෘතියට තියෙන හැටියට තියෙන්න ඇරලා තමන්ගේ වෙන වැඩක් බලා ගන්න කියලයි...
ආගමක් කියන්නේ වතුර ළගට ගෙනිච්ච අශ්වයෙක්.. වතුර බොන නොබොන එක ඒ සතාගේ වැඩක්...
ඔලුවක් නැති කෙනෙක්ට ජනාධිපති වෙන්න බැහැ වගේ නේද නාමල්...?
ආගමක් අදහනවයි කියලා බොරුවට පෙන්නාගෙන ඉන්න අය තමයි ලෝකෙ ඉන්න ලොකුම කුහකයෝ, වංචාකාරයෝ. ඒ ගොඩට හොරට විභාග පාස්වෙච්චි අයත් වැටෙනවා...
ආයෙත් බලය ලැබෙන්නේ නැහැ.
හැම පෝයකටම අරලියගහ මන්දිරයේ ධර්ම දේශනා පවත්වලා, පන්සල් වන්දනාවේ ගිය දූෂිත පවුල් පාලනේ අයගේ කෙරුවාවල් ලෝකෙම දන්නවා. මුලුමහත් ජනතාවට ආසියාවේ ආස්චර්ය පෙන්වපු උදවිය ජනතාව එළවලාම දැම්මේ නිකම්ද?
නාමල්, ඔබට එහෙම එකක් තිබ්බද ?
තන කොළ පුන්නක්කු කන එවුන් මේ රටේ ඉන්නකල් මේ පච දොඩවාගෙන ඉන්න පුළුවන්. පොඩ්ඩක් ඉවසපන් රටේ නීතිය ක්‍රියාත්මක වේගෙන යනවා
උපන්දා සිට කිතුණු වෙච්චි, පල්ලිවල වෙඩින් ගත්තු ඔයාලා බෞද්ධ වෙන්න හදන එකම විහිළුවක්. අපේ බුදු හාමුරුදුවෝ අපිට තියන්න. බුදුන් විකුණන් කන්න එපා. අනික ලියන අයත් දැනගන්න නාමල්ව කරේ තියන් ගියා කියලා එජාප ඡන්ද වැඩි වෙන්නේ නැ කියලා...
මොන්ගල් බේබි. ආගම රකින එක වැඩිවෙලා වෙන්න ඇති. මොන්ගල් බේබිලා රේස් පැද්දේ. නූගතුන්ට රට දුන්නාම ඔහොම වෙනවා. අනුර ජනපතිට දෙශපාලනයයි. ආගමයි පටලවා ගන්න අව්ශ්ය නැහැ. හාමුදුරුවෝ සිවුර දාගත්තා කියලා දූෂණ වැඩකරද්දී අහක බලන් ඉන්නද කියන්නේ... බන්ඩාරනායකව මැරුවෙත් හාමුදුරු වෙසින් ඇවිත් නේද? හරියට ඔබලා වගේ...
ලෝකයේ ආගමික ගැටළු වලට ප්‍රධානතම හේතුව වන්නේ වර්ෂ 1500 ගණන්වල බිහි වූ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි නිකායේ ආගමයයි. එහි මූලස්ථානය ඇමරිකාව තුළ ස්ථාපිතව පවතිනවා. වර්තමානයේ එහි ආධිපත්‍යය වෙන කවරදාටවත් වඩා තීවෘ ලෙස ගිල ගනිමින් පවතියි. විශේෂයෙන් අසියානු හා අප්‍රිකානු රටවල් අතර මේ සත්‍ය තේරුම් නොගන්නා තුරු අප එකිනෙකා කුලල්කා ගැනීම නවතිනු නොමැත. මේ තමයි තිත්ත ඇත්ත...
ආගම විකුණා කනවා...
නාමල් මල්ලි අම්මගේ ආගම මොකද්ද? ඔයා පන්සිල් පද පහ දන්නවාද? කවදාවත් වීඩියෝ එකක බුද්ධං සරණං කියනකොට ඔයා කට හොල්ලනවවත් දකින්න නැහැ නේද? අර ඔයාගේ අම්මා ඒ දවස් වල ගිය ආගමික මධ්‍යස්ථානයට තවම යනවාද? .
පළමුව තම ආගම මොකක්ද කියලා පැහැදිලිව කියන්න. සිවුරට ලෝගුවට ඔලුව නවා පසුව මැරයින් සමඟ එක්ව කටයුතු කරන ඔය වගේ පඩංගු දේශපාලකයින් රටකට අවශ්‍ය නෑ..