
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලොතරැයි පතකින් වයෝවෘද්ධ කාන්තාවකට හිමි වූ රුපියල් 96,298,759.58 ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් ලොතරැයි අලෙවි නියෝජිතවරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඒ අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි.
2024 වසරේ සැප්තැම්බර් මස 18 වෙනිදින කාණ්ඩ අංක 1630 යටතේ ධන නිධානය ලොතරැයි පතකට හපුතලය ප්‍රදේශයේ කාන්තාවකට එකී දිනුම හිමිව තිබූ අතර සැකකාර ලොතරැයි අලෙවි නියෝජිතයා හා අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව එකී මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ දෙක මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අහිංසක මවකගේ කෝටි 9ක ලොතරැයි දිනුමට විද්ද තිදෙනෙක් මාට්ටු
සකියම Thursday, 21 August 2025 03:38 AM
අහිංසක නැත්නම් ලොතරැයිය හොරකම් කලාට කමක් නැද්ද මංද. අනික අහිංසක කම මනින මිම්ම මොකක්ද අම්මප....
fairoos Thursday, 21 August 2025 12:21 PM
දැන් ඉතින් සල්ලිත් නෑ... ඒ මවත් නැතිව ඇති.
ChandanaThursday, 21 August 2025 09:24 PM
ඔලුවට වෙඩි තියලා මරලා දාන්න ඕනේ කාලකන්නි හොර හැත්ත
ගුණරත්න Thursday, 21 August 2025 01:05 PM
මට මතකයි මේ සිද්ධිය, ඒ අහිංසක මනුස්සයා ටිකට් එක පරීක්ෂා කරන්න දීලා තිබ්බේ මේ නියෝජිතයාට. එතකොට වංචා සහගතව ඒක ලක්ෂ 10ක් කියලා ලක්ෂ 10 විතරක් දීලා සල්ලි ගහගන්න ගියා කියලා තමයි ප්‍රවෘත්තිවල තිබුනේ...!