(මනෝප්‍රිය ගුණසේකර)

ජාතීන් අතර අසමගිය ඇති ඇති කළ බවට චෝදනා ලැබ සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා බන්ධනාගාර අධිකාරිවරයාට අද 13 නියම කළේය.

අසාත් සාලි මහතාට එරෙහිව පවරා ඇති නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

2021 මාර්තු 9 වෙනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතීන් අතර සංහිඳියාව කඩවන ආකාරය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරද කර ඇති බවට නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.