
(අංජුල මහික වීරරත්න)
රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.
රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් සහිත වුනා නම් සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමති තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න යැයිද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අස්වැසුම පවුල්වලට ජපන් රැකියා
pj Friday, 24 January 2025 03:47 PM
අර මාක්ස්වාදයට මොකද වුනේ....
SedirisSaturday, 25 January 2025 07:09 AM
අයියෝ මාලුවා අල්ලා ගත්තාට පස්සේ දැල මොකටද කොලුවෝ...? මාක්ස්වාදේ තව ටික කාලෙකින් එළියට ගන්නවා. ආන්ඩුවට දීපු පොරොන්දු ඉටු කර ගන්න බැරි වෙනකොට, මිනිස්සු පෝලිම් වල ඉඳන් බනිනකොට, ඡන්ද පරාද වෙනකොට, විපක්ශේ මර්ධනය කරලා බාබකියු දාන කාලේ වෙද්දී ආපහු මාක්ස්වාදේ ගේනවා. ඔයාලා කලබල වෙනවානේ ඉතින්...!
Indika Friday, 24 January 2025 03:54 PM
මේ ළමයි ගොඩ කල් ඉදන් ජපන් යන්න තෝරාගෙන. ජපන් භාෂාව පුරුදු කරලා. සහ අවශ්‍ය පුහුණුව ලබලා හිටියේ. දැන් එයාල යවනවා වගේ ලකුණු දාගන්නවා. කොහොමද දන්නේ නැහැ ආණ්ඩුව ඇවිත්මාස තුනෙන් පුහුණුව සහ ජපන් භාෂාව පුරුදු කලේ
Neel Friday, 24 January 2025 04:01 PM
තව ටික දවසකින් බලාගන්න පුලුවන්
රනේ Friday, 24 January 2025 04:11 PM
මේවා මනූෂට කොහොම දැනේවිද මන්දා?
sira Saturday, 25 January 2025 01:30 AM
හොඳයි වැඩේ, මේ අයට කියල දෙන්න පවුල් බලාගන්න කියලා. නැත්නම් ජීවිතාන්ත කාලය දක්වාම දෙන්න වෙයි.
ලපයා Saturday, 25 January 2025 11:34 AM
පච ජපේපන්ගේ තවත් පචයක් . ඔය වැඩසටහන සමෘද්ධී තියෙද්දිත් තිබ්බා . රනිල්ගේ කාලෙත් තිබ්බා .
Kamal Koyrala Sunday, 26 January 2025 11:58 AM
එසේ තිබුණා නම් රනිල් මොකටද සමෘද්ධියක් තිබියදී අස්වැසුමක් ඇතිකළේ?
Lalla Saturday, 25 January 2025 01:59 PM
මොනවා කරලා හරි නිකමුන්ගේ පවුල්වල යැපෙන්නන් නිවැරැදි මාවතට ගෙන ඔවුන් බදු ගෙවන්නන් බවට පත්වෙනවා නම් ඒ ඇති. නිකම්ම ඉඳලා සහනාධාර ගත්තු අය ආපසු මහන්සි වී හම්බ කරන තත්ත්වයට ගෙන ඒම හරිම අමාරු වැඩක්...