
(යොහාන් භාසුර)
‘ක්ලොර්හෙක්සීඩීන්’ නම් මුඛය පිරිසිදු කිරීමට භාවිතා කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදීගැනීමට රුපියල් මිලියන 37 කට (කෝටි 4 ආසන්න) ආසන්න වටිනාකමකින් යුතු ටෙන්ඩරයක් අසාධු ලේඛනගත කර ඇති ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති සමාගමකට ප්‍රදානය කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ටරය මණ්ඩලය සූදානම් වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
මෙම ටෙන්ඩරය සම්බන්ධව වහාම විමර්ශනයක් කර මෙම අක්‍රමිකතාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලීමක් කරයි.
අදාල බංග්ලාදේශ සමාගම මෙරට රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 130 කට ආසන්න මුදලක් නොගෙන වීම මත අසාදු ලේඛනගත කළ සමාගමක් බවත් ‘ක්ලොර්හෙක්සීඩීන්’ නැමැති නිෂ්පාදනය සඳහා මෙම ටෙන්ඩරයේ ප්‍රදානය කරන වන විටත් ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලියාපදිංචිය හෝ ලොව පිළිගත් ලෝක සෞඛ්‍ය සංවිධාන රසායනාගාරයක ප්‍රමිති සහතිකය අදාල සමාගම ගෙන නොමැති බවත් සංජීව මහතා කීය.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ඇතුළු එහි ටෙන්ඩර් කමිටුව තීරණය කළේ කුමන පදනමක් මතදැයි විමර්ශනය කළ යුතු බව කියන චමල් සංජීව මහතා මෙම සමාගමට ඉහත සම්පූර්ණ බෝතල් ප්‍රමාණය සඳහා ඇමෙරිකානු ඩොලර් 124,200 ක් හෙවත් රුපියල් මිලියන 37 කට ආසන්න මුදලක් වටිනා ටෙන්ටරය ප්‍රදානය කිරීමේදී ටෙන්ඩර් කමිටුවේ පරස්පර විරෝධී තීරණ කිහිපයක් නිරීක්ෂණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී නව රජය යටතේ පත්කළ නිලධාරීන් මෙම ගනුදෙනුව කර ඇති බැවින් වහාම මේ සම්බන්ධව විමර්ශනයක් සිදුකර ආක්‍රමිකතාවක් වී ඇත්නම් වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද වෛද්‍ය චමල් සිජීව මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කවදා හරි ගොඩ යන්නේ දූෂිත දේශපාලකයන් වගෙම දූෂිත නිලධාරීන් ද ගෙදර ගිය දවසට
කෙටි පාරෙන් පුනරැදයට..
හිටපු හොරු එළවලා අලුත් හොරු ඇවිත්.
කුට්ටිය දැනටමත් පැලවත්තට ගිහිල්ල ඇති. රංවලගෙ කේස් එක වගේම තමයි. ඕකට ලොක්කා කිසිම පියවරක් ගන්නේ නෑ
හොරු එළෙව්වට හොරුන්ගේ හොරා නිලධාරි බත්බැලයින් තවම ඉන්න බව මතක් කරගන්න.
තවම දීලා නැහැනේ. සූදානමක් ගැන සැකයක් තමයි... මේ මහත්මය මතු කරලා තියෙන්නේ. කුට්ටි පිටින් ගිලපු අය පත්කරගෙන ඒවා ගැන ඇහැක් ඇරලා නොබලපු අය අද කුට්ටිය යන තැනත් කියන්න දන්නා තරමට උනන්දුයි. කලිනුත් ඔය වගේ කළා නම් කෙහෙලියට නඩු වැටෙන්නේ නැහැ...