IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අස්ගිරි අනු නා හිමි ගිහි පැවදි දෙපිරිසම දහමින් පෝෂණය කළා

(අංජුල මහික වීරරත්න)

 සුවහසක් ගිහි පැවිදි දෙපාර්ශ්වයම සම්බුදු දහමින් පෝෂණය කරන්නට ආනමඩුවේ ධම්මදස්සී  අස්ගිරි අනුනාහිමියන් කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

විපක්ෂ නායකවරයා මෙසේද කියයි.

ආනමඩුවේ ධම්මදස්සී  අස්ගිරි අනු නාහිමියන්ගේ අපවත්වීම අසා මා දැඩි සේ සංවේගයට පත්වූවෙමි.

 දිවිගමනේ 18 වසර සම්පූර්ණ වීමට ආසන්න වීමත් සමඟම සම්බුදු සසුනේ පැවිදිව අරහත් ධජය දරමින් 39 වසරකට අධික කාලයක් මුළුල්ලේ තම පැවිදි ජීවිතය අර්ථසම්පන්නව කැපකළ අතර, කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක නායකත්වය උසුලමින් ද දහම් පාසල් අධ්‍යාපනය පෝෂණය කරමින් ද අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිචාර්ය ධූරය උසුලමින් ද සම්බුදු සසුනේ අභිවෘද්ධියට මෙන්ම සුවහසක් ගිහිපැවිදි දෙපාර්ශ්වයම සම්බුදු දහමින් පෝෂණය කරන්නට කටයුතු කිරීම මේ මොහෝතේ ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි. 

එමෙන්ම ශ්‍රී ලංකාදීපය පුරා පොදු ජනතාව සුමගට යොමු කරමින් ජාතික සහ ශාසනික අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී නායකත්වයක් සලසන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරය දරමින් දශකයකට ආසන්න කාලයක් සිදුකරන්නට යෙදුනා වූ සේවාව අනභිබවනීයයි. 

අනුබුදු මිහිදු මාහිමි ආගමනයෙන් බෞද්ධ රාජ්‍යයක් බවට පත් ලක් බුදු සසුනඹර යුග යුග එකළු කළ මහතෙර මිණිතරු පහන් වැටට එක්වූ නවමු තරු පහනක්ව දිදුලමින් සිය දැනුමෙන් සුවහසක් ගිහි පැවිදි නෙත් පහන් දැල්වූ අප අනුනායක ස්වාමීන්වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි. 



අදහස් (0)

අස්ගිරි අනු නා හිමි ගිහි පැවදි දෙපිරිසම දහමින් පෝෂණය කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site