IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අවසන් රැලි හෙට

(ආරියරත්න රණබාහු,යොහාන් භාසුර, නිමල කොඩිතුවක්කු සහ අංජුල මහීක වීරරත්න)

ලබන21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ , සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජනබලවේගයේ අපේක්ෂක එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජනාධිපති සටනේ අවසන් මහජන රැලි11ක් අද (18) සවස පැවැත්විමට නියමිතය .

ඒ අනුව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන ප්‍රථම ජන රැළිය මාතරදි පැවැත්වේ. අනතුරුව ගාල්ල කළුතර හෝමාගම සහ මැද කොළඹ දි පැවත්වෙන රැලිවලට ද ජනාධිපති වරයා සහභාගි වේ'

මෙහිදී මරදානේදි පැවැත්වෙන මැද කොළඹ ජන රැලියෙන් ඒ මහතාගේ ප්‍රචාරක රැස්වීම් මාලාව අවසන් කෙරේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ප්‍රධාන ජන රැලි තුනක් ගාල්ල බේරුවල සහ මැද කොළඹදී පැවැත්වෙන අතර අවසන් රැලිය මැද කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු කුමාර දිසානායක මහතා සහභාගි වන අවසන් ප්‍රධාන රැලි බස්නාහිර පළාත මූලික කොට ගෙන සංවිධානය කර තිබේ.

ඒ අනුව කළුතර ගම්පහ සහ නුගේගොඩදී එම රැස්වීම් පැවැත්වේ එම රැස්වීම් මාලාවේ අවසාන රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟහලේදි පැවැත්විමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා  හෙට (18) ප්‍රධාන ප්‍රචාරක රැළි තුනකට සහභාගි වීමට නියමිතය.

එම රැළි තිස්සමහාරාම නගරයේදී පෙරවරු 10.00 ට ද, මතුගම නගරයේදී පස්වරු 2.00 ට ද, පිළියන්දළ නරගයේදී පස්වරු 5.00 ට ද, අද පැවැත්වේ.

 

 



අදහස් (4)

අවසන් රැලි හෙට

අමර Tuesday, 17 September 2024 04:25 PM

නුගෙේගොඩ maximum 5000

:       4       3

විජිත් Tuesday, 17 September 2024 05:12 PM

# මාලිමාවට ඡන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! ජයවේවා !!!

:       19       40

kapila Tuesday, 17 September 2024 10:07 PM

ඇති යන්තන් හෙටින් පස්සේ කනක් ඇහිලා ඉන්න පුළුවන්.

:       0       4

k.sunil perera Wednesday, 18 September 2024 04:39 AM

2024.09.22 ශ්‍රිලංකාවේ 9 වන විධායක ජනපති අනුර කුමාර දිසානායක. ශ්‍රී ලංකාවෙන් පිට පදිංචි අප සැමගේත් එකම පැතුම සියලුම ජාතීන් සමගියෙන් සහජීවනයෙන් පිරි සෞභාග්‍යවත් රටක් කරා රට රැගෙන යාමට මාලිමාවේ AKD ම තමයි අපේ පැතුම. ජයම තමයි ඉතින්

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site