
(අංජුල මහික වීරරත්න)
සිංහල - දෙමළ අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධව සම්පාදනය කර අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් රටට ලබා දීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවීමට තීරණය කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම සාකච්ඡාව ලබන සඳුදා (16) පැවැත්වීමට තීරණය වී ඇත.
1991 වර්ෂයේ සිට සිංහල දෙමළ අවුරුදු නැකත් සම්පාදනය රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු වී ඇති අතර 2024 වර්ෂයේ එසේ සම්පාදිත අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් නැකත් කමිටුවේ සාමාජිකයන් අතර මෙන්ම බාහිර පාර්ශ්ව අතර පැවති මත භේද හේතුවෙන් සිදුව ඇති ආරවුල් නිසා සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා විසින් රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හැර ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින පොහොය කමිටුවේ සාමාජිකයන් වන සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරු මඟින් 2025 වර්ෂය සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනය කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් 2026 වර්ෂය සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනය සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම නිසා, පොදු එකඟතාවකට එළඹීමේ අරමුණින් අවස්ථා හතරක දී එකී කණ්ඩායම් සමඟ අමාත්‍යංශය සාකච්ඡා පවත්වා ඇතත් මේ වන තුරු පාර්ශවයන් අතර අලුත් අවුරුදු නැකත් පිළිබඳ ව එකඟතාවයක් ඇති කර ගත නොහැකි වී ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළු රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිරන්තරයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉදිරියේ දී ද තවදුරටත් ඒ සඳහා කැප වී කටයුතු කරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හැමදාමත් නැකතට වැඩ ඇල්ලුවාට වැඩ කරන ජාතියක් නෙවෙයි. ඒකට හොඳම උදාහරණය තමයි අපේ රට බන්කොලොත් වීම. තවත් අනුන්ගේ නැකතට වැඩ කරන්නේ නැතුව අපේ වෙලාවට වැඩ කරන්න පටන් ගමු. හොද දෙයක් මොන වෙලාවේ කළත් සුබයි
පංචාන්ග ලිත් ගැන බලනවිට අතීතයේ සිට පැවති ක්‍රමයෙන් බැහැරව (රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යුරේනස් නැෆ්චූන් ප්ලූටෝ) රවි චන්ද්‍ර කුජ රාහු ගුරු ශනි බුධ ශුක්‍ර යුරේනස් නැෆ්චූන් ලෙසට තබා දේශපාලන පක්ෂයක නමින් (ශ්‍රීලංකා ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය) සංගමයක් පිහිටුවාගත් අයෙක් තමන්නෙ ගෝලයෝ රොත්ත සමග නැකැත් කමිටුවේ කටයුතු කිරීමෙන් එම කමිටුවට නිවැරැදිම ආකාරයට කටයුතු කරන්න නොලැබුණා කියලා අහන්න ලැබුණා. එවැනි දේශපාලුවෝ එම කමිටුවෙන් පලවාහරිනවා නම් සේවයක් කළහැකි වේවි...
කොහේවත් නැති මිත්‍යාවක් පසුපස යාම ආණ්ඩුවකට වටිනවද? නැකතක් කියලා දෙයක් තියනවා නම් සුබ නැකත් බලලා දේශපාලනයට එන අය දිනන්න ඕනෑ නේද? අනික ඔය නැකත් කාරයින්ට එක මතයකට එන්න බෑ කියන එකම ඔවුන් කරන බොරුවට සාක්ෂියක් නොවේද?
මම මුලින් දක්වා ඇති සංගමය ශ්‍රීලංකා නිදහස් ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමය වියයුතුයි
මෝඩයින්ගේ පාරාදීසයේ කරන තවත් විගඩමක් තමයි මේ නැකත් හා නැකත් සීට්ටුවේ විගඩමත්... අවුරුද්ද පුරාවටම මෝඩ ගෝත්‍රික වැඩකරන බහුතර විපරිත ජාතියක් තමයි ලංකාවේ ඉන්නේ... අඥාන කමින් අන්ධ වෙලා සිටින මොවුන්ට ප්‍රඥාව ලබාගන්න නැකතක් නැද්ද කියලයි මම මේ කල්පනා කරන්නේ..