
(රන්ජන් කටුගම්පොළ)
ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
විනිවිද පදනම විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණා.
අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කෙරිණ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට වන අලි රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම හේතුවෙන් අලි ඇතුන්ට විශාල පීඩාවක් සිදු වී කීය.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අලි ඇතුන් කෑලේට පන්නන මෙහෙයුමට එරෙහි පෙත්සම විසි කරයි
thilak Monday, 10 November 2025 03:42 PM
ගම්මාන අවට සිටින සියලුම අලි රක්ෂිත වලට පලවා හැරිය යුතුයි. එසේ නැත්නම් "විනිවිද පදනමේ" උදවිය මේ ගම්මාන වල් අලින්ගෙන් බේරා ගැනීම සඳහා පිටත් කර යැවිය යුතුයි.
ගමේ එකාලා Monday, 10 November 2025 04:08 PM
විනිසුරු මඩුල්ල ගත් තීරණයට අපගේ ප්‍රණාමය පුදකරනවා .අලි ඇතුන් ගෙන් වැඩිපුරම හානි වෙන්නේ දුෂ්කර ගම්මානවල ජීවත් වෙන අයට..විනිවිද පදනමේ ඉන්න අය අලි ඇතුන් බලාගන්නව කියලද ?
Ranjith Dissanayake Monday, 10 November 2025 04:40 PM
මෙම කරුණු උසුලන පුද්ගලයෝ ගැඹුරු තත්වයේ ගැටලුව නොසලකා දැක්කා වගේ පෙනේ. වනාන්තරයට වනාන්තරේ යළි ගමන් කිරීමට අලි මග පෙන්වීමේ උත්සාහයන්ට එරෙහිව නඩු දාලා තියෙන අය, මිනිස් ජීවිත රැක ගැනීමේ වැදගත්කම නොසලකා දැක්කාවා වගේ පෙනේ. රජය අලි වලින් ඇති අවදානම් හඳුනාගෙන ක්‍රියාත්මක වෙලා සිටියත්, මෙම ආරක්ෂක උත්සාහයන්ට විරුද්ධ වන කණ්ඩායම්වල ක්‍රියා මගහරින සැලසුම් ගැනත් සැලකිල්ලට ගත යුතුය. මම විශ්වාස කරනවා, අලි වනාන්තරයට ආපසු යැවීමට එරෙහිව සිටින අය මිනිස් මෙන් සිතීමට පුනරුත්ථාපනය විය යුතු බව.
දයාන් කන්නන්ගර Monday, 10 November 2025 10:00 PM
ඒ සත්තුන්ගේ ප්‍රීඩාව වගේද අහිංසක දුප්පත් මිනිස්සු පාගලා මරලා දානවා පෙනෙන්නේ නැද්ද? හක්ක පටස් දීලා වෙඩිතියලා ඒ සත්තුන්ට හිරිහැර වෙනවා වගේද හම්බන්තොට කැලේට පැන්නපුවාම ටිකදවසකින් උන් හුරුවෙනවා... ස