
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිළිදුන් දෙදෙනකු දින දහ හතරක් ඇතුලත සැකකටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව පැමිණිලි කළේය.
මෙම දරු දෙදෙනා ඉකුත් 19 සහ 23 දෙදින අවස්ථා දෙකකදී මියගොස් ඇති බව පොලිසිය කියයි .
පිළියන්දල , හොන්නන්තර , සර්වෝදය මාවත , පදිංචි අකිලා බොනිපස් හා හෂාන් දිල්රංග යන දෙපලට මෙම මස 23 දා ලැබීමට නියමිතව තිබූ දරු ප්‍රසූතියක් සදහා එම කාන්තාව ඉකුත් 08 දා කළුබොවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී පුතකු සහ දියණියක ඉකුත් 09 දා උපත ලබා තිබූ අතර එය අඩු බර දරු උපතක් වීම නිසා දරුවන් දෙදෙනා නොමේරු ලදරැ ඒකකයට ඇතුලත් කොට සිටියදී ඉකුත් 19 දා පිරිමි දරුවා මියගොස් තිබුණි .
එහිදී දරැවා මියගොස් ඇත්තේ විෂබිජයක් ඇතුල් වීම නිසා බවට වෛද්‍යවරුන් පළමුව පවසා තිබුණත් පසුව පැවසූවේ ශ්වසන අපහසුතාවක් නිසා දරුවා මියගිය බවට වෛද්‍යවරුන් පැවසූ බව පැමිණිල්ලේ සදහන් වේ.
මේ අතර ඉතිරි ගැහැණු දරුවා ද නොමේරු ලදරැ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බවත් (23) දා උදෑසන කිරි දීම සදහා නොමේරු ළදරු ඒකකයට ගිය අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය දරුවා මියගිය බව දන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමේරූ දරුවන්ට ඕනෑම සුලු අසනීප තත්ත්වයක් මාරාන්තික විය හැකියි නේද?. මේ සිද්ධිවලට දෙන ප්‍රචාරය වැඩි නැතිද? හරියට රෝහල් කාර්ය මණ්ඩලය මිනීමරනවා වගේ කතා ගෙතීමක්... අසාධාරණය දෙපැත්තටම තියනවා.