
(රෝෂන් තුෂාර)
බණ්ඩාරවෙලා සීවලී මහා විද්‍යාලයේ පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා වැලි කියුබ් එකක් සහ සිමෙන්ති කොට්ට දහයක් ඉල්ලා රුපියල් දහ අටදාස් පන්සියයක මුදලක් පාසල අසල හාඩ්ව්යාර් එකට බැර කරවාගත් සැකකාර විදුහල්පතිවරයා ලබන 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (20)නියෝග කළාය.
සැකකාර විදුහල්පතිවරයා 2025 වසර සඳහා දරුවකු ඇතුලත් කර ගැනීමට දරුවාගේ දෙමාපියන්ගෙන් මෙම අල්ලස් මුදල් ඉල්ලා සිමෙන්ති කොට්ට දහයක මුදල අසල වෙළඳසැලකට ලබා දෙන ලෙසට දන්වා ඇති බවත්,එසේ මුදල් හාඩ්වෙයාර් එකට ලබාදීමෙන් පසු දුරකථන ඇමතිතුමක් ලබා දුන් දෙමාපියන්ට උප්පැන්න සහතික ද රැගෙන එන ලෙසට දන්වා ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයි කියලා මොනවා කරන්නද? අපි වගේ ඔය භාණ්ඩ නිවස ඉදිකරන තැනට ගෙන ගොස් බාන්න කිව්වා නම් අල්ලන්න බැහැනේ...!
මන් මෑතක තේරුම් ගත්ත දෙයක්, "රටේ ඉතා විශාල පිරිසක් අල්ලස් ගන්නවා, හොර වැඩ කරනවා".
සීවලී කියලා පාසැල් ගණනාවක් තිබෙනවා, ඉතින් ඇයි මේ නිකන්ම සීවලී කියලා විතරක් නම ශීර්ෂ පාඨයේ යොදන්නේ? පාසැල් කීයක් අපහසුතාවට පත් වෙනවද?
මේකා ජරාව කන්නවත් ඉගෙනගත්ත නැති මෝඩයෙක්.අනික මේ මොන ජරාවක්ද?හිඟමනක් ඉල්ලීම වගේ.
ප්‍රසිද්ධ නොවුනත් කොළඹ පැත්තේ ප්‍රසිද්ධ පාසල් හැම එකකම ගජ රාමේට ඔව්ව වෙනවා...
කොළඹ පැත්තේ ඒවට කියන්නේ "DONATION" කියලා.