IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අල්ලස් ගත් සි .අයි . ගේ වැඩ තහනම්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 රුපියල් 250,000 මුදලක් තුටු පඬුරක් ලෙස ලබාගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් පියවර ගෙනඇත.

 වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කරන ලද රන් මාලයක් පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති බව පවසා එය අධිකරණයට ඉදිරිපත් ක නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 3 ක මුදලක් හා රන් පවුම් 3/4  ක් ඉල්ලා එයින් රුපියල් 250,000 ක  මුදලක් තුටු පඬුරක් ලෙස අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඉකුත් 25 වෙනිදින  ගම්පහ තක්ෂිලා විද්‍යාල ඉදිරිපිට මාර්ගයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන ලෙස කටයුතු කර ඇති බැවින් එම ක්‍රියාව සෙසු නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් වන බැවින්ද ඉකුත් 25 වෙනිදින  දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජකාරී වැඩ තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් ලිපියක් නිකුත් කර ඇත.



අදහස් (0)

අල්ලස් ගත් සි .අයි . ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site