
(ගයාන් සූරියආරච්චි)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී.
දූෂණ විරෝධී පනතට පැවැරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් පෙරේදා (8) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා ඉකුත් ඔක්තෝබර් මස එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කරන තෙක් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර.්වයි.කේ. උඩවෙළ මහත්මිය පත්කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි රටේ දේශපාලන රටාව. බලයට එන පක්ෂ තමන්ගේ අයව ඒ ඒ තැන්වලට දානවා. ඊට පස්සේ අතිශයෝක්තිය. කාලයත් සමඟ වෙන පක්ෂයක් එනවා. ආයෙමත් ඒ රටාවමයි. ඉතින් රට නම් එතැනමයි.
ඔබතුමා කියන්න කාවද දාන්න ඕනෑ. ප්‍රවෘත්තිය හරියට කියවලා ඉන්න. කලින් හිටිය කෙනා අස්වෙලා ගිහින්. පත්කරලා තියෙන්නේ නඩුකාරතුමෙක් මිසක් එතනෝල් කාරයෙක් නෙමේනේ. ඔබතුමාලාගේ සීයා හිටිය කාලේ කෝප් එකට පත්වුණෙත් මාල හොරෙක්නේ...!