
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු සහ රියදුරෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවව කියයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කෘමිනාශක දිලීර නාසක සහ ශාක වර්ධනය සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනය කරන පලිබෝධනාශක නියැදි වශයෙන් ගෙන පරික්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමට එම නිලධාරීන් පැමිණෙන වාහනයට ඉන්ධන ගැනීමට රුපියල් 10,000 ක මුදලක් පැමිණිලි කරුගෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවමත සැකකරුවන් දෙදෙනා පැමිණිලිකරුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd