IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අල්ලසක් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මතට ඇබ්බැහි වූ රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු ලබන 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද නියෝග කළාය.

අල්ලස් කොමිසම මගින් ඊයේ දින අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය නඩුවක් ගොණු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට  රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ඉල්ලා පසුව එය ලක්ෂ දෙකට අඩුකර ලබා ගැනීමේදී රාගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු සමග සිටි අනෙක් පොලිස් නිලධාරියා පලා ගිය බවද ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද සඳහන් කළේය.

ප්‍රථමයෙන් රුපියල් 20,000ක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගත් සැකකරුවන් ඉතිරි මුදල වන  රුපියල් 180,000ක මුදල ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් සන්තකයේ ඇත්තේ රුපියල් 20000ක් පමණක් බවට පැමිණිලිකරු පැවසීමෙන් අනතුරුව සැකකරුවන් විසින් පවසා ඇත්තේ නිවසේ පැවැත්වීමට කටයුතු යොදා ඇති   උත්සවයකට යෙදවීමට තිබූ මුදල් තමන්ට ලබා දෙන ලෙසය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  හමුවට යොමු කරන ලෙසට නියෝග කළාය.



අදහස් (0)

අල්ලසක් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site