
(අංජුල මහික වීරරත්න,රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
"ඇල්ල ඔඩ්සි (නානුඔය) නමින් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර නව දුම්රි ගමන්වාරයක් හෙට (10) දින සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම S 14 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිතය. පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය වේ.
පළමු පන්තියේ වෙන් කළආසන (AFC) රුපියල් 7,000 ක් දෙවන පංතියේ වෙන් කළ ආසන (SCR) රුපියල් 6,000ක් තෙවන පංතියේ වෙන්කළ ආසන (TCR) රුපියල් 5,000 ලෙස මෙම දුම්රියේ ප්‍රවේශපත්‍ර මිල ගණන් නියම කර තිබේ.
එල්ජින් දිය ඇල්ල සහ සමීට් ලෙවල් හිදී දුම්රිය මන්දගාමීව ගමන් කරන අතර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6 ක් ද ආරුක්කු නවයේ පාලම අසල විනාඩි 10 ක් ද දුම්රිය නතර කිරීමට නියමිතය.
සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2497
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අලුත් සංචාරක කෝච්චිය හෙට සිට වැඩ
Nishan Monday, 10 February 2025 02:42 AM
ඕක බදුල්ල නානු ඔය අතරේ දානවට වඩා හොඳ නැද්ද මහනුවර බදුල්ල අතරට තවත් අමතර දුම්රියක් විදියට දැම්මා නම්? මොකද බදුල්ලෙන් නැගලා නානු ඔයෙන් බහින අයට වඩා වැඩියි මහනුවර සහ බදුල්ල අතර යන අය. අඩු ගානේ මහනුවර ඇල්ලා අතරට දාන්න. සංචාරකයෝ වැඩි වශයෙන් තම ගමන අරඹන්නේ මහනුවරින් මිසක් බදුල්ලෙන්වත් නානු ඔයෙන්වත් නෙවෙයි.
sajabaja silindare Monday, 10 February 2025 09:03 AM
යකඩ මලකඩ තියන එක නම් දමන්න එපා සංචාරකයෝ යනවා ඕවායේ