
(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බාප්පා දියේ ගිලී මිය ගොස් ඇතැයි වනාතවිල්ලුව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ අතුරුදන්වූ මනාළියගේ බාප්පා වූ එම්.ෆරීන් (42 ) නැමැත්තෙකි. දියේ ගිලී අතුරුදන්වු අෆ්සානා (22) ද තවමත් සොයාගෙන නොමැති බව පොලීසිය කියයි.
මන්නාරම කල්පිටිය වන්නි මුන්දලම මොහොමදියා පුරම් ගමට නොබෝදා කැන්දා ගෙන ආ 22 හැවිරිදි අෆ්සානා,ඇගේ සැමියා සහ ඥාති පිරිස ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය කළපුව ඔස්සේ ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.
අතුරුදන්ව සිටින අෆ්සානා සොයා ,නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළ ඝණයේ නාවිකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇත.
(ඡායා හිරාන් ප්‍රියංකර)

මියගිය එම්.ෆරීන්

අතුරුදන් අෆ්සානා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මේ ජීවිත. රටේ, ලෝකේ යහපතට, අනාගතේට කොයි තරම් ප්‍රයොජනවත් වෙන්න තිබුනද ජීවත් වෙන්න තිබුනා නම්? කමක් නෑ, දිව්‍ය ලොකේ සැපට ඈති, අපිටත් ඒ ඈති!
මෝය කටේ දිය නාන්න මුන්ට පිස්සුද ?
දියේ ගිලීම නිසා සිදුවන මරණ සම්බන්ධව නිතර නිතර අහන්න ලැබෙනවා. නමුත් සිදුවන මරණවල අඩුවක් නැහැ. මිනිස්සුන්ගේ මෝඩකමද? එහෙමත් නැතිනම් පණ්ඩිත කමද?