
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තදාසන්න ප්‍රදේශ වල මගී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැත. එබැවින්, දෛනිකව ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මගී තදබදයක් පවතී. දැනට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටල වලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා ධාවනයේ යොදවා ඇති බැවින්, නිරන්තරයෙන් හදිසි ක්‍රියා විරහිත වීම් හා බිඳ වැටීම් වලට ලක් වේ.
එම තත්ත්වය යටතේ දෛනිකව දුම්රිය භාවිත කරනු ලබන මගීන් බොහෝ අපහසුතාවන්ට ලක් වන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි . වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් පමණ අවශ්‍ය වන අතර, දැනට බලවේග කට්ටල කිහිපයක හිඟතාවක් පවතී. ඒ අනුව, තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 5 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව රට වැටුණු වෙලාවේ අත හිත දුන්නා නමුත් මේ කට්ටල ජපානේ හෝ රුමේනියාවෙන් ගෙන්වනවානම් කාලයක් ප්‍රයෝජනයට ගතහැකිය
ඉන්දියාවෙන් ගෙන්නමු ලාභයි.
මේවා ජපානයෙන් හෝ චීනයෙන් ගෙන්වන්න.ඉන්දියානු ඒව ඉක්මනින්ම දිරායනවා.
S14