
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ වූ පසුගිය 11 වැනිදා සිට මේ දක්වා දිවා කාලයේ තෙල් බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොකළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසීය.
අලුත් අවුරුදු නිවාඩු සමග අප්‍රේල් 11 වැනි සිකුරාදා විදුලි ඉල්ලුම දැඩි ලෙස පහළ බැසීම නිසා රාත්‍රී 9:57 වන විට මෙගාවොට් 300 ක ගල්අඟුරු බලාගාරයක් සම්පූර්ණයෙන් නැවැත්වූ බවත් අප්‍රේල් 12 වැන සෙනසුරාදා පෙරවරු 9:16 වන විට පසුගිය රාත්‍රියේ එක ගල්අඟුරු ඒකකයක් නොමැතිව තිබූ කාලයේදී පෙට්‍රොලියම් නැෆ්තා ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක වන, කැලණිතිස්ස සංයුක්ත චක්‍රය බලාගාරය සම්පූර්ණයෙන් නතර කර සූර්ය බලශක්ති ජනනයට අවස්ථාව සැලසීමට කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන්නේ ඇත්ත නම්, එය පැසසුමට ලක්විය යුතු කාරණයක්. එය නොකඩවා කළ යුතුයි...