
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් තිස් පන්දාහක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන සංගීත ප්‍රසංග, සැණකෙළි සහ අවුරුදු උත්සව, ආගමික සිද්ධස්ථාන සඳහා පැමිණෙන ජනතාව සඳහා මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.
කොළඹ නගරය මුල් කරගෙන කොළඹ කොටුව, ගාලුමුවදොර, බොරැල්ල, කිරුළ පනහ බම්බලපිටිය යන ප්‍රදේශවල මෙන්ම ආගමික ස්ථාන පවතින ප්‍රදේශවලට පොලිස් නිලධාරීන් 6000 ක් යෙදවීමටද කටයුතු කර ඇත.
කොළඹ නගරය මුල් කරගෙන සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල වෙළඳ සල් වලට විශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර ගැට කපන්නන් සහ සොර සතුරන්ගෙන් තමන්ගේ මුදල් ඇතුළු දේපල ආරක්ෂා කර ගන්නා ලෙසද පොලිසියේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම අවුරුදු සමයේ කාල සීමාව තුළ රථ වාහන පොලිස් නිලධාරීන් සහ අනෙකුත් ආරක්ෂක නිලධාරීන් සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් පොලිසිය ඉල්ලා සිටි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියේ 35000ක්