IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි

(රෝෂන් තුෂාර)

මහ බැංකු අධිපතිවරයාව සිටියදී  සිය බෑනාගේ සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක්   කළේ යැයි කියන   හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට සැප්තැම්බර් මස 26 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (26) යළි නොතීසි  නිකුත් කළාය.

අල්ලස් කොමිසම විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා අල්ලස් පනතේ  70 වන වගන්තිය යටතේ පැවරු පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අදාල නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමටද නියෝග කළාය.

සිංගප්පූරුවේ වාසය කරනවා යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට 2024 වසරේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතී සි නිකුත් කර තිබූ අතර අදාළ නොතීසීය ප්‍රකාරව කටයුතු කර නොමැති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ වැඩිදුර  වාර්තාවක් සලකා බැලීමෙන් පසුව මෙසේ යළි නොතීසි නිකුත් කෙරිණි.

2015 පෙබරවාරි 27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රුපියල් මිලියන 1000 ක   බැඳුම්කර නිකුත් කිරීමට ප්‍රාථමික ගැනුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා තිබියදී ,එම ගණන ඉක්මවා යමින් රුපියල් මිලියන  10058 බැඳුම්කර වසර තිහක කාලයක් සඳහා වැඩි පොලී අනුපාතයක් යටතේ නිකුත් කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කිරීම,එම බැඳුම්කර  සිය දියණියගේ ස්වාමිපුරුෂයා වන අර්ජුන ඇලෝසියස්ගේ පර්ප්‍රචුවල් ට්‍රෙසරිස්  සමාගම ට  නිකුත් කරන ලෙසට මහ බැංකු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්ට බලපෑම් කිරීම හා එසේ සිදුකරමින් රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් රජයට  සිදු කිරීමෙන්,  අල්ලස් පනතේ  70 වන වගන්තිය යටතේ දූෂණය නම් වරද සිදුකිරීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බව පවසමින් අල්ලස් කොමිසම මෙම   පැමිණිල්ල 2024 වසරේදි ගොනු කළේය.

සැකකරු 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එම පැමිණිල්ලේ මෙසේද සඳහන් කර ඇත.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සඳහා  ප්‍රාථමික ගැනුම්කරුවන් දාසය(16) දෙනෙකුගෙන් ලන්සු කැඳවා තිබියදී ,එම ගැනුම්කරුවන් අතර සිටින සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ  දියණියගේ  ස්වාමිපුරුෂයා  වන අර්ජුන ඇලෝසියස් අධ්‍යක්ෂ ධූරයක් හෙබවූ  පර්ප්‍රචුවල් ට්‍රෙසරිස්  සමාගම ඇතුළු සමාගම් වලට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කර වැඩි පොලියක් යටතේ වසර තිහක කාලයක් සඳහා බැඳුම්කර නිකුත් කිරීමට සැකකරු බලපෑම් කිරීම.

පැමිණිල්ල සඳහා සාක්කිකරුවන් 22කගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට සැප්තැම්බර් මස 26 වැනි දින අධිකරණය පෙනී සිටින ලෙසට යළි නොතීසි නිකුත් කළ අතර එම නොතීසිය ඉංග්‍රීසි භාෂාවෙන් සිංගප්පූරුවේ ලිපිනයට නිකුත් කිරීමට රෙජිස්ටාර්වරයාට නියෝග කළාය. 



අදහස් (4)

අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි

Nishan Saturday, 23 August 2025 08:30 AM

ඇයි මහ ලොකුවට කිව්වා නේද ආණ්ඩුව අරන් සතියෙන් කනෙන් ඇදගෙන එනවා කියලා. දැන් උසාවිය හරහා නොතීසි දෙනවා. එයි බලන් ඉන්න. මේවා තමයි ජෝක්ස් කියන්නේ.

:       3       2

Perakum Liyanagama Saturday, 23 August 2025 10:06 AM

ඔන්න මිනිහ හොඳටම බය වෙලා කඩාගෙන බිඳගෙන එනවාලු ලංකාවේ අධිකරණයේ පෙනී හිටින්න.

:       3       5

පිටිගල මිලානෝ Saturday, 23 August 2025 12:32 PM

දැං අල්ලමු මෙයාව... ඇතුළට… ඇතුළට….

:       2       5

Perakum LiyanagamaSaturday, 23 August 2025 02:30 PM

අල්ලන්න ඉතිං ලංකාවට එන්න එපැයි. ඉතාලිය පැත්තේ ආවොත් අල්ලල දෙන්න අපි එන්නම් අරං යන්න.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site