
(උපාලි ආනන්ද)
රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියේ නිවැරදි සැකකරු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය, යළි වැඩි දුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෝසමක් මගින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.
අදාල වැඩි දුර වාර්තාව ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය තව දුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අර්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවය. ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවද පොලිසිය කීවේය.
ඒ අනුව මෙම රථ වාහන නඩුවේ නිවැරදි සැකකරුගේ නම ලෙස රාමනාදන් අර්චුනා වශයෙන් යළි සංශෝධනය කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත්, නිවැරදි සැකකරු රාමනාදන් අර්චුනා ලෙස පිළි ගන්නා ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අර්චුනාගේ සිද්ධියට පොලිසිය අධිකරණයෙන් සමාව ගනී