
(අංජුල මහික වීරරත්න)
අරගලයට සම්බන්ධ නඩු සඳහා දිවයින පුරා තුන් දහසකට අධික පිරිසක් සැකකරුවන් ලෙස නම් කර ඇතැයි 2022 අරගලය හා සම්බන්ධය සිදුවීම් වලට අදාළ නඩු කටයුතු කරන නීතිඥවරුන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
2022 අරගලය පදනම් කර ගනිමින් ඇති වූ සිදුවීම් වලට අදාලව නඩු ගොනු 661ක් ශ්‍රී ලංකා පොලිසියේ නීති කොට්ඨාසයට ලැබී ඇති අතර එම නඩු ගොනු අතරින් වැඩි ප්‍රමාණයක් නීතිපති උපදෙස් ලබාගැනීම නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
ඒ අතරින් සැලකිය යුතු නඩු ප්‍රමාණයක නිශ්චිතව චූදිතයෙක් නම් කර නැතැයි ද ගෝල්ෆේස් අරගල භූමිය පදනම්ව ගොනුකර ඇති නඩු ප්‍රමාණය 32ක් බවද මෙම සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කෙරිණි.
අරගලයේ සැකකරුවන් ලෙස නම්කර ඇති පුද්ගලයන්ගෙන් බහුතරයකට එරෙහිව ඇති චෝදනාව වන්නේ උද්ඝෝෂණය කිරීම මත අයුතු ජන රාශියක සාමාජිකයකු වීම පමණක් බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමින් නීතිඥන් සහ සමාජ ක්‍රියාකාරීන් පැවසූයේ මෙම නඩු වලට අදාල ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයෙන් හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කරන බවයි.
නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ, නීතිඥ මනෝජ් නානායක්කාර, නීතිඥ අමිල සුයාම එගොඩවත්ත, සමාජ ක්‍රියාකාරී ජයම්පති සෝමරත්න මහත්වරු සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නීති අංශයේ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරගලයට රට පුරා සැකකරුවන් තුන්දාහක්
sunil Monday, 26 May 2025 01:10 AM
අර්ථයක් නැති, පෙරකදොරුවන් පොහොසත් කරන ක්‍රියාවක්.
PGPTHILAK Monday, 26 May 2025 08:23 AM
මේවා කතා කර කර සිටියේ යුතු දේවල් නෙවෙයි! ආණ්ඩුව පත්වූ පළමු මොහොතේම කල යුතුව තිබුනේ දූෂිත පාලනයන්ට එරෙහිව නැගී සිටි සියලු අරගල කරුවන් නඩුවලින් නිදහස් කිරීමයි!
ගුණරත්න Monday, 26 May 2025 09:38 AM
මේ ආණ්ඩුවට අනුව අරගලේ කරපු උන් ඒ විනාශකාරී නීති විරෝධී වැඩ කලේ රට ගලවාගන්න, ඉතින් ඔය ත්‍රස්තවාදීන් ටික නිදහස් කරනවද?
peeeeprasa Monday, 26 May 2025 10:58 AM
තව 159 ඉන්නවා නිදැල්ලේ නෙමෙයි ..ආතල් එකේ