IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අයි.එම්.එෆ්- රජයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය අගයයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී,  Evan Papageorgiou මහතා  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (29)හමුවිය.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය එහිදී  ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව  ප්‍රශංසා පළ කළේය. 

බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වැදගත්කම,  බදු නිදහස් කිරීම් (tax exemptions) සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කළේය. 

එසේම, 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් විය. 

2026 අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමේ වැදගත්කම මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.



අදහස් (1)

අයි.එම්.එෆ්- රජයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය අගයයි

Nishan Tuesday, 30 September 2025 10:48 AM

ජූලි නෝනා කියන්න ඇති යන්න ගිහින් හම්බවෙන්න කියලා මීඩියා වලින් ප්‍රසිද්දියක් දෙන්න.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 173 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2062 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site