
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ලේඛනය මෙයයි.
අයවැය ලේඛනය පිළිබද විවාද හෙට (18) සිට ආරම්භ වෙයි.
අයවැය ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට විදේශීය තානාපතිවරුන් රජයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඇරයුම් ලබා සිටිති.
අයවැයෙන් පසු එම අමුත්තන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමේ.
COMMENTS
ජය වේවා ජනාධිපති තුමනි. රජයේ සේවකයන්ගේ වැටුප 25,000කින් වැඩි කරන බව ආරංචියි. ඔබතුමා කියපු විදියට, ආදායම් බදු එකතු කරන අවම ආදායම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 2 ක් කරනු ඇතැයි අපි හිතනවා. බඩු මිළ අඩු වෙලා, වාහන මිල අඩු වෙලා, ණය පොලී අනුපාත අඩු වෙලා ජයෙන් ජයම වෙලා තියෙයි. ඔබතුමාට ජය වේවා!
පචනම් කෙලින්න එපා. ආයෙත් මිනිස්සුන්ව මුලා කරන්න.
අසංක, පච නැතුව මුකුත් බෑ.. පච කීම සංසාර පුරුද්දක් වෙලා ඉවරයි...