IMG-LOGO

අයවැයෙන් විශ්‍රාමිකයන් ආමාරුවේ දාලලු

(යොහාන් භාසුර)

මෙම වසරේ අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් සහ 2020 වසරට පෙර විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඉහළ දැමීමෙන් විශ්‍රාමිකයන් 150,000 ක පමණ පිරිසකගේ විශ්‍රාම වැටුපේ විශාල විෂමතාවක් ඇති වී තිබෙන බව රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව පැවසීය.

එම විශාල පරතරය අයවැය සම්මතවීමට පෙර නිවැරදිකරන ලෙස අවස්ථා කීපයකදී ඉල්ලීම් කළ ද ඵලක් නොවූ බවත් 2020 වසරේ සිට 2024 වසර දක්වා වසර පහක් තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් මෙම ගැටලුවට මුහුණදී සිටින බවත් එම එකමුතුව සඳහන් කරයි.

යෝජිත නව විශ්‍රාම වැටුප සහ වර්තමාන විශ්‍රාම වැටුප් හොඳින් අධ්‍යනය කිරීමෙන් සිදුව ඇති අසාධාරණය පිළිබඳව මනා වැටහීමක් ගතහැකි බවත් එම එකමුතුව වැඩි දුරටත් පවසයි.   



අදහස් (6)

අයවැයෙන් විශ්‍රාමිකයන් ආමාරුවේ දාලලු

ranjith Tuesday, 25 March 2025 09:55 PM

විශ්‍රාමිකයන් විශ්‍රාම යාමෙන් පසුව තමා අදුනාගන්නේ බාගෙට ඉදි කරගෙන යන නිවසේ ඉතිරි වැඩ ටික අවසන් කරගන්න ඒ වගේ දුෂ්කරම නිසා මේ ගැටලුවට රජය සාධාරණ විසඳුමක් ලබාදෙන්න

:       0       5

Navin Tuesday, 25 March 2025 10:45 PM

ඔක්කොම අමාරුවේ දාල තියෙනවා. බූරුවට තේරෙන්නෑ. බූරුවෝම නොවන උන් තේරුණත් තේරුනේ නෑ වගේ. ශා මරුනේ කියනවා.

:       0       3

Frencis Wednesday, 26 March 2025 06:03 AM

2016 ට පෙර විශ්‍ර්‍රම ලැබූවන් බොහොමයක් දෙනා තවමත් ලබන්නෙ මාසිකව රුපියල් 50000/= කට අඩු විශ්‍රාම වැටුපක් පමණයි ඔවුන් විශ්‍රාම යද්දී ලැබූ පාරිතෝශික මුදල් රුපියල් ලක්ෂ තුනක් හතරක් වෙද්දී 2020 ට පසුව විශ්‍රාම ලැබූවන් ලක්ෂ 15 කට වැඩු පාරිතෝශික ලැබුවා ඒ නිසා 2016 ට පෙර විශ්‍රාම ලැබූ සියල්ලන්ටත් 2020 විශ්‍රාම ලැබූ අයත් අතරේ පවතින බරපතළම විශ්‍රාම වැටුප් විශමතාවය ඉවත්කිරීමට කටයුතු කිරීමක් මෙවර සිදුකර තියෙනවා මෙමගින් 2020 පසු විශ්‍රාම ගියපු අය ආත්මාර්ථකාමිත්වය නිසා අසාධාරණයක් වෙලා තියෙනවා කීමෙන් එම අයගේ හිටපු ගුරුවරුන්ට වගේම සමහරවිට දෙමාපියන්ට සිදුවෙලා තියෙන අසාධාරණය ඉවත්කිරීමට පවතින අකමැත්ත පැහැදිලි වෙනවා

:       1       13

සුදන්ත Wednesday, 26 March 2025 10:49 PM

2020 පසු සමහරක් විශ්‍රාමිකයන්ගේ ඊරිසියාව උන්ගේ බඩට විතරයිද බඩුමිල ඔෘෂධ මිල දැනෙන්නේ

:       0       0

රුවන් Wednesday, 26 March 2025 06:32 AM

යුරෝපයේ වගේ රාජ්‍ය, පෞද්ගලික හැම කෙනාටම විශ්‍රාම වැටුප් දෙන්න ඕනේ. එතකොට රජයේ රැකියා වලට කෙල හලන සංඛ්‍යාවත් අඩු වෙයි. ලංකාවේ හැම කෙනාම බලන්නේ දියුණු වෙන්න නෙමෙයි රජයේ පුටුවක් රත් කරන්න.

:       0       2

Janaka Gunasekera Wednesday, 26 March 2025 11:03 AM

මම 2024 වසරේ විශ්‍රාම ගත් ගුරුවරයෙක්. මෙවර අයවැයෙන් (2025) බලවත් අසාධාරණයක් 2020-2024 විශ්‍රාමිකයන්ට සිදුවී තිබේ. සිදුවී තිබෙන විෂමතාවය ඉවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලමි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 767 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1189 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site