IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රිය සොයාගනී

(ගයාන් සූරිය ආරච්චි)

අම්බලන්ගොඩ නගර සභාව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මාළු ව්‍යාපාරිකයකුට වෙඩි තබා පළා ගිය මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුවන් කළ එම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි  පුද්ගලයකු බරපතල තුවාල ලබා බලපිටිය බෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ අම්බලංගොඩ ‍පොලිසිය සහ විමර්ශන කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෙම මෝටර් රථය එගොඩ වෙල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

සීසී ටීවී දර්ශන සහ අනෙකුත් විමර්ශන ආශ්‍රයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් මෝටර් රථය අම්බලන්ගොඩ පොලිසියට බාර දී ඇත. ඇල්පිටිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත අම්බලන්ගොඩ ‍පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

අම්බලන්ගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ මෝටර් රිය සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site