
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයට ලක් වූ මාළු ව්‍යාපාරිකයා මරුමුවට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පෝරඹ පදිංචි වරුෂ විතාන නිරන්ත නමැති පනස් හතර හැවිරිදි මාලු ව්‍යාපාරිකයෙකි.
වෙඩි වැදී මිය ගිය පුද්ගලයා දෙදරු පියකු බවත් ඔහු පාතාල ක්‍රියාකරුවකු බව කියන ජයලත් සුද්දාගේ මස්සිනා බවත් පොලීසිය කියයි.
මාලු ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යමින් සිටියදී ඔහු පසුපසින් පැමිණි රතු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් මාලු ව්‍යාපාරියකා ගමන් ගත් යතුරු පැදිය ඔවුන්ගේ මෝටර් රථයේ ගැටීමට සලස්වා යතුරු පැදිකරු බිම වැටුණු පසු වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.
යතුරු පැදියෙන් බිමට වැටුණු මාලු ව්‍යාපාරිකයා දිව යාමට සූදානම්වූ අවස්ථාවේදී ඔහුට මෝටර් රථයෙන් පැමිණි නාදුනන අයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවද පොලීසිය කියයි.

2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්බලන්ගොඩ දී වෙඩි වැඳුණු මාළු ව්‍යාපාරිකයා මරුට
සමන් Tuesday, 04 November 2025 01:24 PM
කලබල වෙන්න එපා, මේ දවස්වල අපි බංකු ටිකක් හදනව පාතාලෙ මර්දනේ කරන හැටි කියල දෙන්න. තව සති දෙකේ ඒව කීයද ගියෙ.
ගයාTuesday, 04 November 2025 02:57 PM
ඒ බංකුවල ඉඳගන්න හදන්නේම සජබෙ අහිංසකම කට්ටිය. කලින් ලසා. දැන් සුද්දගේ මස්සිනා. මීට වඩා අහිංසකයෝ හොයාගන්නම නෑ වගේ.
සෞදි-සිංහ Tuesday, 04 November 2025 01:58 PM
පාතාලේ මර්ධනය කරන්න දෙයක් නෑ... උනුන් නසා ගන්නවා.
ගුණරත්න Tuesday, 04 November 2025 02:45 PM
රටේ මිනිස්සුන්ට ඉරණම් තුනක් තිබෙනවා, එකක් රෝහලේ බෙහෙත් නැතිව මැරිලා යන එක, වෙඩිකා මැරිලා යන එක අන්තිම එක වාහනයකට යටවෙලා මැරිලා යන එක...
Lapa kota Tuesday, 04 November 2025 03:24 PM
මෙම ව්‍යාපාරිකයා පාතාලෙට සම්බන්ධ අයෙන් වෙන්න පුළුවන් සහෝදරවරුනි, ටිකක් කල්පනා කරලා බලන්න.