(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්‍ෂිත බුබුලක්’ ලෙස සංචිත ගතකර තිබේ.
‘දේශීය ජ්‍යෙෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ඩිල්ෂාන් මුණවීර, රොෂේන් සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අෂාන් ප්‍රියංජන්, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයෝ එම සංචිතයේ සිටිති.
ඉන්දියාවට එරෙහිව මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගි කිරීමට මෙසේ සංචිත ගතකරන බව එම ක්‍රීඩකයන්ට පවසා ඇති බව වාර්තා වේ.
මෙම සංචිතයට අමතරව ‘දේශීය කනිෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලේ පුහුණු සැසියකට සහභාගි වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. කවුරු ගැහුවත් එකම ප්‍රතිඵලය නේ. හැබැයි ඔය කට්ටිය අනිවාර්යයෙන් ඕක අත්සන් කරනවා. නිකං දැන ගන්න අහන්නේ. අර තුන් දෙනත් ඕක අත්සන් කරනවාද?
පිස්සු වැඩ කරන ක්‍රිඩකයන්ට මොන ගෙවිම්ද ?දක්ෂතා දක්වලා ඉල්ලනන ඔනි
ඔය එක්කම ක්‍රීඩා ඇමතිත් අයින් කරොත් හොදයි නේද?
ඔන්න ඔහොමයි කොන්දක් ඇතිව වැඩ කරනවා කියන්නේ. රට ගැන, තමන්ගේ වගකීම ගැන නොසිතා සල්ලි ගැන පමණක් සිතා වැඩ කරන ඔළුව උදුම්මවාගෙන අයට පාඩමක් ඉගැන්විය යුතුයි. තරුණ කණ්ඩායමක් එක්ක අපි ටික කාලයක් පැරදුනත් කමක් නැහැ.
දැන් නම් කොහොමත් එකයි කවුරු ගැහැවුවත්
මණ්ඩලේ කචල්... ප්‍රශ්න ගොඩයි.. කවදා ගොඩඒවිද ක්‍රිකට්..?
සෑම අතින්ම ජරාජීර්ණ වූ පරාජයෙන් අවමානයට ලක් වී ඇති කණ්ඩායම ඉදිරියේ දී පරාජයෙන් වළකින්න බෑ. කොහොමත් පැරදුනාට කමක් නැහැ කියලා හිත හදාගෙන ඔය කණ්ඩායම දමලා තරඟ කරලා බලමු.
ඉන්දියාව එවන්නෙත් අමතර කණ්ඩායමක් නිසා මේ කණ්ඩායම දාලා ගහන්න තියෙන්නේ