(යොහාන් භාසුර)
එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්‍ෂිත බුබුලක්’ ලෙස සංචිත ගතකර තිබේ.
‘දේශීය ජ්‍යෙෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ඩිල්ෂාන් මුණවීර, රොෂේන් සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ප්‍රභාත් ජයසූරිය, සඳුන් වීරක්කොඩි, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු මධුසංඛ, ජෙෆ්රි වැන්ඩසේ, අෂාන් ප්‍රියංජන්, අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා යන ක්‍රීඩකයෝ එම සංචිතයේ සිටිති.
ඉන්දියාවට එරෙහිව මේ මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගි කිරීමට මෙසේ සංචිත ගතකරන බව එම ක්‍රීඩකයන්ට පවසා ඇති බව වාර්තා වේ.
මෙම සංචිතයට අමතරව ‘දේශීය කනිෂ්ඨ’ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයන් 26 ක් දඹුල්ලේ පුහුණු සැසියකට සහභාගි වී සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.