
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටේවි යැයි විපක්ෂය හැම විටම කුරිරු සිහිනයක් දකින නමුත් ඔවුන්ගේ සිහිනය කිසි විටක ඉටුවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
අයවැය ලේඛනයෙන් රජය අපේක්ෂා කරන ලද ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් බවට සංඥා ලැබී තිබෙන බව කී ජනාධිපතිවරයා ලබන දෙසැම්බරය වන විට ඩොලර් බිලියන හත ඉක්මවන විදෙස් සංචිතයක් අත් කර ගන්නා බව කීය.
ආණ්ඩුවේ ස්ථාවර ගමනට කවුරුවත් කකුල් මාට්ටු දාන්න සූදානම් වෙන්න එපා යැයි කී ජනාධිපතිවරයා කොතැනක හෝ කෙනෙක්ට කුමන්ත්‍රණ කරන්න සිතුවිල්ලක් හරි තියෙනවා නම් එය පරාජය කරන බව කීය.
ආණ්ඩු පක්ෂයේ විසින් ගෙන එන ලද රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් ජනාධිපති වෙලා නැහැ. ගැලරියට දෙසුම නැවතී නැහැ.
මේ විපක්ෂයට ඒ වගේ වැඩක් කරන්න තරම් කොන්ද පණ තියෙන එවුන් නැහැ... ඔවුන්ට දැන් තියෙන ලොකුම අමාරුව ආණ්ඩුවට ජැක් එකක් ගහලා තමන්ගේ තියෙන නඩු හබ බේරාගන්න හරි ආණ්ඩුවෙන් මොනවා හරි ගන්න බැරි එකයි...
ආයේ කවුරුවත් කකුල් මාට්ටු දාන්න දෙයක් නෑ. වැඩ බැරිකම නිසා තමන්ම කකුල් පටලවාගෙන හොට බිම ඇනගෙන තියෙන්නේ....
නින්දෙන් නැගිටලා වගේ මේ මොනවාද කියවන්නේ...! මානසික ආතතිය වැඩියිද? පව් ඉතින්...!
මහාපරිමාණ හොරකම් වංචා දූෂන කරලා රට විනාස කරපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ට නම් අහගෙන ඉන්ඩ අමාරු ඇති
මේ තමයි අපේ රට සංවර්ධනය කිරීමට ඉන්න එකම අවංක, නිහතමානී, කාර්යක්ෂම, රාජ්‍ය නායකයා. මේ වගේ රාජ්‍යයක් නැවත ශ්‍රී ලංකාවේ බිහිවන එකක් නැහැ. ඒ නිසා අපගේ උපරිම සහයෝගය ඉදිරියටද ලැබෙනවා කිසිම සැකයක් නැත... ජය වේවා.''!
කකුල බලාගෙන, වලිගෙ පෑගෙයි, තුමනි...
කියවන්න විතරයි දන්නේ.... වැඩ බිංදුවයි.
හාහ්, ඉස්සර කර තරමක් කකුල් මාට්ටු දාල දැන් විවේඡන කලහම කියනවා කකුල් මාට්ටු දාන්න එපා කියල. මේවට කොහෙන්ද අපි හිනා වෙන්න ඕන? මේ ආණ්ඩුවේ උන්ට විපක්ෂයේ හිටි කාලය අමතක වෙලා තනතුරු රහ දැනෙන්න අරන් වගේ.