
(අංජුල මහික වීරරත්න)
“අපි අපේ බත් පිඟානවත් හරියට බෙදාගන්න දන්නේ නැති ජාතියක් යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ කීවේ ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මඟින් සංවිධාන කළ “එක මිටට - ගොවි බිමට” පිළිමතලාව වැඩසටහන අමතමිනි.
"වියදම් කරලා ඉතාම අමාරුවෙන් යම් යම් දේවල් කරලා මහන්සියක් පිරිවැයක් දරලා පිඟානට එන බත් වලින් 50%ක්ම අපතේ යවනවා. විසි කරනවා. පසු අස්වනු කලමනාකරණය කරන්න ඉන්නවා නම් අපි එතනින් පටන් ගන්න ඕන.”යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී කීය.
පිළිමතලාව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්විණි.
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් පසු අස්වනු හානිය අවම කිරීම මෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය ආශ්‍රිත නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණු ඇතිව ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මඟින් මෙම වැඩසටහන සංවිධාන කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. සමහරු කොත ගහලා බත් ගන්නවා .. ආපනශාලාවදීවත් තමුන්ට අවශ්‍ය ප්‍රමාණය කියන්නේ නෑ... හුඟක් ඉතුරු කරලා විසි කරනවා
බත් මුට්ටිය උස්සන්න නම් දෙනවා
කතාවේ ඇත්තක් තියනවා
සේරම දන්නේ ඔබතුමාලා තමා, නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ කිසිම දෙයක් කරගන්න බැහැ
බත් පිගන් නෙවෙයි රුවන්වැලි සෑයවල් බෙදාගන්නේ….. රටේ වැඩිහරියක් දියවැඩියා කාරයෝ….
අපි නම් හොඳටම දන්නේ යන යන තැන හාන්නයි, අනුන්ට අපහාස කරන්නයි.
සිල්වා... ලාල්කාන්ත ඇමැතිතුමා බූරුවන්ට කරදර කරන එකක් නැහැ.
නටන්න බැරි මිනිසාට පොලවලු වැරැදි, මේ නාටකයෝ කියැවීමට පමණක් සීමාවට...!
බොහෝ දෙනෙක් අද තමන්ට කෑම බෙදා ගන්නේ කුසගින්නේ තරමට වඩා කෑදර කම මතයි.
බත් පිඟානක් හරියට බෙදාගන්නේ කොහොමද? අපි වගේ බත්කන හරක්, තාමත් රටකාපු තක්කඩි හතිකරේගේ රෙදි අපුල්ලන කොට...
බම්බුව තමයි, බත් කන කෙනා කොහොම කෑවත් ඒ වියදම ගෙවලා තමයි කන්නේ, එතැන නොවේ නාස්තිය තියෙන්නේ. නාස්තිය තියෙන්නේ අවසාන ගැනුම්කරුවා දක්වා එන ගමනේ වෙන පාඩු! ඒ පාඩු වැඩි වුණාම ගෙවන්න ඕනෑ අවසාන ගැනුම්කරුවා හෙවත් බත් කන එකා, නාස්තිය අවම කරන්න ඕනෑ ඔය එන ගමනේ මිසක් බත් කන එකා හෙවත් එන්ඩ් යූසර් නොවෙයි. මේක බොහොම සරල කාරණයක් නමුත් මේකත් තේරුම් ගන්න බැරි කියන්නේ කොයිතරම් මෝඩ නායකයෝද අපට ඉන්නේ?
ටිකක් වැඩී වුණු වේලාවට මටත් එහෙම වෙලා තිබෙනවා. කතාව ඇත්ත...
ඒ ඔබලා වෙන්න ඇති...