
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
ජාතික ජන බලවේගය සභා එකසිය පනස් දෙකක් ආරම්භයේදීම පිහිටුවන අතර ඉතුරු සභා එකසිය පහළොව පිහිටුවන දවසේ දී පිහිටුවන බව ජනාධිපතිවරයා කීය.
ජනවරමට අනුව වැඩ කරන්න බැඳී සිටින බව කී ජනාධිපතිවරයා කවුරුන් හෝ ජනවරමට එරෙහිව කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව ,නීතිය, දේශපාලනය යන ඔක්කොගෙන්ම වැඩ කරන්න ලෑස්ති බවද කීය.
"සභා හදලා පුළුවන් නම් මාස තුන හතරක් යන්න අපි කියන්නේ එච්චරයි.දන්නවනේ, නීති මදි නම් තුනෙන් දෙකක් තියෙනවා හොඳේ, යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මුල් වරට බලය ගත් විට කළා වගේ විපක්ෂය සහමුලිනින්ම සිරගත කළ යුතුයි. නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ.
ඇත්ද අහගත්තා ? අන්ත පරාදවෙලා ඉන්නවා . හොරකම් කරළ, අනාතවෙලා ඉන්න අස්සේ මෙතන එනවා බලය පිහිටුවන්නත් .
කිසි කෙනෙක් කතා නොකරන දෙයක් තියෙනවා. විපක්‍ෂයට බොහෝ තැන් වල ආසන ලැබී තියෙන්නේ ලිස්ට් එකෙන් පමණයි. 25% 25% කෝටා එක නිසා මේ මන්ත්‍රී ධූර වලට පත් වෙන්නේ තරුණයන් හා කාන්තාවන් පමණයි. නගරාධිපතිකම් සභාපතිකම් ගන්න බලා ගෙන ඉන්න අයට අවස්තාව ලැබෙන්නේ නෑ.
මතකනේ සීය කියපු කතාව. චන්ද තියන්න සල්ලි නෑ. සල්ලි තබ්බත් තියන්න චන්ද නෑ. ඒ වගේ තමා.
සභා හදන කොට ඩෙංගු මරණ අනුපාතය ඉහල ගිහින් , පස්සේ කියන්න ඕන පසුගිය ආණ්ඩුවලින් ඩෙංගු මදුරුවෝ බෝකරලා කියලා
කයිතන්
වැඩිම බලයෙන් පත්වූ සභාවල පාලනය ආරම්භකර වැඩ පෙන්වන්න .වැට උඩ තියෙන ඒවාට කෙල නොහලා ඔබේ ඒවායේ සාර්තකත්වය පෙන්වා එම සාර්තකත්වය ගන්න කියල විපක්ෂයේ ආයතනවලට අභියෝග කරන්න (හැබැයි මුදල් වෙන්කිරීම සාධාරණව කරන්න )
සමහර පොරවල් රෑට කනත්තක් ඉස්සරහින් යද්දීත් ඔය වගේ කිය කිය තමයි යන්නේ. අනේ කයියානායක
මාලිමාවට ඡන්ද අඩුවෙන්න ප්‍රධාන හේතුවක් තමා මාලිමාවේ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට යන එක විතරයි කරන්නෙ!! පුරවැසියන්ගෙ ප්‍රශ්න විසඳන්න කිසිම මැදිහත්වීමක් කරන්නෙ නෑ!! රජයේ නිලධාරීන් පොලීසිය ඉස්පිරිතාල වල අය ඒ අයගෙ හිතවතුන්ට සලකනවා! අහිංසක පුරවැසියන් රස්තියාදු කරවනවා! දැන්වත් කතා නවත්වලා මහජන සම්බන්ධතා කාර්යාල පිහිටුවා පුරවැසියන්ගේ ප්‍රශ්න විසඳන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න!!