
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන් 35 දෙනෙක් සඳහා ඉන්දියාවේ සහ බංගලාදේශයේ තරුණ හුවමාරු වැඩසටහනක් සඳහා අවස්ථාව හිමිව තිබේ.
ඒ අනුව ඉන්දියාවට තරුණ තරුණියන් 13 දෙනෙක් සහ බංගලාදේශයට 18 දෙනෙක් පිටත් වීමට නියමිතය.
එම රටවල්වලින් කරන ලද ආරාධනාවකට අනුව යූත් ක්ලබ් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්මේලනවල විදේශ සංචිතයෙන් තෝරාගත් තරුණ තරුණියන් මෙලෙස විදේශ ගත වීමට නියමිතය.
සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මේ සඳහා තරුණ තරුණියන් තෝරා ගෙන ඇති අතර, සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව මෙම තරුණ තරුණියන් තෝරාගෙන ඇත.
මේ අනුව මෙම තරුණ තරුණියන් එළඹෙන 30 වැනිදා ඉන්දියාව සහ 26 වෙනිදා බංගලාදේශය බලා පිටත් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනදා නම් මේවාට යන්න ඇත්තේ දේශපාලකයින්ගේ දූ පුතුන්, මොකද මෙහෙම යවන බවක් හෝ යන බවක් මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණේ නැහැ...