IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අපි ආවේ නැත්තං තංගල්ල පොලේ අයිස් විකුණනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේග ආණ්ඩුවක් පත් නොවුනා නම් තංගල්ලේ  පොලෙත් අයිස් විකුණනවා යැයි පත්කළ මන්ත්‍රී නජිත් ඉන්දික මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"කවදාවත් නැතුව තොග පිටින් මත්ද්‍රව්‍ය අල්ලන නිසා මේ සාකච්ඡාව ඇතිවී තිබෙනවා.මේවා පිටිපස්සේ ඉන්නෙ කවුද?ඔක්කොම ඉදිරියට හෙලි වේවි.නමුත් එක පක්ෂයක් විතරක් මේවා අල්ලන වාරයක් පාසා මාධ්‍ය සාකච්ඡා තියනවා.හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේකටද? අනෙක ඔක්කොම දේවල් අහුවෙන්නේ එක පැත්තකින් නේ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (16)

අපි ආවේ නැත්තං තංගල්ල පොලේ අයිස් විකුණනවා

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Tuesday, 23 September 2025 03:54 PM

හ්ම් හ්ම් තොල් දෙකෙන් පේනවා.

:       5       99

කෞෂි Tuesday, 23 September 2025 03:59 PM

බිබිලේ දොඩම්, මල්වානේ රඹුටන් (අයිතිකාරයො නැති ගෙවල්වලට අමතරව), තංගල්ලේ අයි .. සොරි ... කාල්ටන්

:       82       33

අන්_ර Tuesday, 23 September 2025 04:14 PM

අනේ පැංචො, අපි ආවට පස්සේ තමයි පොලේ විකුණන ගානට අයිස් ගෙන්නුවේ. නොදන්නා මගුල් කතා නොකර වාඩිවෙලා හිටු...

:       20       65

ගුණරත්න Tuesday, 23 September 2025 04:14 PM

අයිස් ඇල්ලීම කරන්නේ ආණ්ඩුවේ ලොක්කන්ගේ වත්කම් වාර්තා එළිදරවු වුනු නිසා එය යට ගහන්න. එහෙම නැතිව මිනිස්සු ගැන අනුකම්පාවකින් නෙවෙයි.

:       38       67

සමන් විමල්Tuesday, 23 September 2025 04:57 PM

හරියටම හරි,

:       4       18

ඇම්ඩන්Tuesday, 23 September 2025 05:58 PM

මෙච්චර පටලන් කතා කරන්නේ එකත් එකට අයිස් ගහලාම ඇත්තේ...

:       12       19

ගමේ එකාලා Tuesday, 23 September 2025 04:38 PM

මාළිමා ආණ්ඩුවක් ආවේ ජනතාවගේ පිනකට... නැත්නම් අපේ රටේ තරුණ ජීවිත විනාශ වෙලා හමාරයි. මුලුරටම කුඩ්ඩෝ පිරුණු රටක් වෙන්ඩ තිබුණා. බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ පාතාල කාරයෝ කුඩු ජාවාරම් කාරයෝ රැකපු හැටිත්, ඔවුන් නිසා ගොඩගිය හැටිත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       18       20

Nishan Tuesday, 23 September 2025 05:05 PM

තව ටික දවසකින් කියයි අපි ආවේ නැත්නම් කන්ටේනර් 323 කුත් හොරෙන් පිට කරනවා කියලා. මෙයාලාගේ මොලේ මැරුණාට රටේ මිනිස්සුන්ට තවම එහෙම වෙලා නෑ දෙයියන්ගේ පිහිටෙන්...

:       13       13

ඇම්ඩන් Tuesday, 23 September 2025 05:57 PM

මෙච්චර පටලන් කතා කරන්නේ...

:       6       10

රනේ Tuesday, 23 September 2025 07:47 PM

නිවැරදි පිළිතුර තොරන්න. හිටපු ප්‍රබල පාලකයින්ගේ නගරය තංගල්ල නම් සහ වැඩිම මත්කුඩු සැකසීම, ගබඩා කිරීම, බෙදා හැරීම ආදිය සිදුවන්නේත් තංගල්ලේදී නම්: 1. තංගල්ලලේ අයිස් මත් ද්‍රව්‍ය තිබිය යුතුයි 2. හිටපු පාලකයින් මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වී තිබීමට බොහෝ ඉඩ ඇත 3. එහි ජනතාව හිටපු පාලකයින්ට ශාප කරනු ඇත. 4. එහි ජනතාව මත් ද්‍රව්‍ය මෙන්ම හිටපු පාලකයින්ද දිගටම ප්‍රතික්ෂේප කරනු ඇත 5. ඉහත සියල්ලම නිවැරදියි. (උත්: 5)

:       8       5

suddiWednesday, 24 September 2025 08:00 AM

රනේ, දැන් ඉන්න ප්‍රබලතම ඇමති කෙනෙකුත් එන්නේ තංගල්ලෙන්. 2025 තමයි ඔය කුඩු රටට ඇතුල්වූනා කියන්නේ. ඒ කියන්නේ විමර්ශන කරන අය මිසක් අපි නෙවෙයි. ඔය ප්‍රබල ඇමති යටතේ තමයි ඔය කන්ටේනර් වගයක්ද මොනවද එලියට ඇරපු ආයතන තියෙන්නෙත්. ඉතින් හිටපු අයටම විතරක් ඇඟිල්ල දික්කරන්නේ මොකද​. ඔය උත්තර ටිකට ඔය කරුනුත් එකතු කරන්න ලැජ්ජද​.

:       2       6

මංබයියාWednesday, 24 September 2025 04:33 PM

මාලිමාවේ තමයි මනම්පේරි, එහෙම නේද!?!

:       1       0

kasun Tuesday, 23 September 2025 07:54 PM

ආපහු ඉතින් පාර්ලිමේන්තු යන එකක් කියයි. ඔන්න ඔහේ කියපුවාවේ...

:       0       3

Ariyathilaka Tuesday, 23 September 2025 08:05 PM

පරීක්ෂාවකින් තොරව නිදහස් කළ රතු ලේබල් සහිත කන්ටේනර්වල අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය නො තිබුණා නම් මේ කීම සාධාරණ වෙන්න පුළුවන්! නමුත් මේ අනීතිකව පිට කළ කන්ටේනර් පිළිබඳව රජය විනිවිද භාවයකින් කටයුතු නො කළ බැවින් අමාත්‍යවරයාගේ වචනයට සුජාත භාවයක් නැති බව කිව යුතු යි.

:       5       12

ගුණරත්නWednesday, 24 September 2025 08:51 AM

ආරියතිලක මහත්තයාට තේරුණාට ජවිපෙ මාළිමා ආධාරකරුවන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ලැජ්ජාවක් නැතිව අපුල්ලනවා.

:       1       5

Gamaathi Tuesday, 23 September 2025 10:25 PM

ඉස්සර මුහුදෙන් ගෙනාපු අයිස්, දැන් කන්ටේනර්වල ගේනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 737 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site