
(අංජුල මහික වීරරත්න)
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගම්පොළ ජන රැළියේදී පැවසීය.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වාර්ෂිකව රුපියල් බිලියන 8900 ක වියදමක් යන බව කී දිසානායක මහතා බදු අඩු කළ විට ලැබෙන ආදායම රුපියල් බිලියන 4900 ක් පමණක් බව සඳහන් කළේය.
කෝපි කඩේ කතා නැතුව සංඛ්‍යාලේඛන සමග මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නැයි අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
"මිත්‍රයා" ලෙස ආමන්ත්‍රණය කරන්නට එපා යැයි අනුර දිසානායක මහතා තමා හට පවසා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිසා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ආමන්ත්‍රණය කරන බවද පැවසීය.
ගම්පොළ ජනරැළියට අමතරව මෙදින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත, නාවලපිටිය සහ දෙහිඕවිට ප්‍රදේශ වලද ජනරැලි පැවැත්විණි.
එම ජනරැළි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මේ තමයි මම ගම්පොළ දැකපු විශාලතම සෙනඟ.අපි අනිවාර්යයෙන්ම දිනනවා,දිනනවා,දිනනවා.
මම ජනාධිපති ධුරය බාර ගත්තේ ඔබට කන්න දෙන්න. පෙට්‍රල් දෙන්න, ඔබට ඩීසල් දෙන්න.ගෑස් දෙන්න, බෙහෙත් දෙන්න, ඔබේ ආර්ථිකය බල ගන්වන්න මෙන්ම ලංකාව බල ගන්වන්න. මා රට බාරගෙන අවුරුදු දෙකක් යන විට ඒ කාර්යය අරඹා තිබෙනවා.
අද ඔබට ජීවත් වෙන්න පසුබිම හැදී තිබෙනවා.මම භාර ගත්ත කාලේ පෝලිම් තිබුණා. රට භාරගන්න කවුරුවත් හිටියේ නෑ. ආණ්ඩු භාරගන්න කවුරුත් හිටියේ නෑ.ඒ කාලේ සජිත්ලා අනුරලා ජනතාව තනිකරල දිව්වා. ඔබට කෑම දෙන්න බෑ කිව්වා. ඔබට ඩීසල් දෙන්න බෑ කිව්වා.පෙට්‍රල් බෙහෙත් දෙන්න බෑ කිව්වා.මම ඇවිත් ඔබට ඒ සියල්ල ලබා දුන්නා.දැන් ඒ අය මට රනිල් රාජපක්ෂලු.
මං ආරක්ෂා කළා නම් ඔවුන් මා සමඟ වේදිකාවේ සිටිය යුතුයි යුතුයි. මම ආවේ ජනතාව ආරක්ෂා කරන්නයි.
ඔය දැන් කෑ ගහන අය කිසි වෙලාවක මට උදව් දුන්නේ නැහැ.
ජනතාව ජීවත් කරවන්න උදව් වෙන්නැයි මා ඔවුන්ගෙන් ඉල්ලුවා.දැන් රට භාර දෙන්නැයි ඉල්ලන්නේ මේ අයද?
මේ අයට ඉදල පෙන්වා පන්නා දැමිය යුතුයි.මම රට භාර ගනිද්දි රටට අනාගතයක් තිබුණේ නැහැ.මම මූල්‍ය අරමුදලට ගියා. මා දන්න ලෝක නායකයන් අතරට ගියා.මේ රටේ ණය බර ආර්ථිකයට දරාගන්න නොහැකි බවත් ආර්ථිකය කැඩෙන්න යන බවත් මූල්‍ය අරමුදල මට කිව්වා.
ණය සීමා කරන ලෙසත් මීට පසුව ණය නොගන්නා ලෙසත් ඔවුන් දැනුම් දුන්න දුන්නා.
රුපියලේ අගය අඩු වන නිසා මුදල් අච්චු ගහන්න එපා කිව්වා.බැංකු වලින් ණය ගන්න එපා කිව්වා.අප අමාරුවෙන් ආදායම් හොයා ගත්තා. මාරුවෙන් හරි වැට් බදු වැඩි කරන්න සිදුවුණා. ජනතාවට අමාරුයි කියා මා දන්නවා. අප ගත් පියවර නිසා රුපියල ශක්තිමත් වුණා. බඩු මිල අඩු වුණා.නමුත් ආදායම වැඩි වුණේ නැහැ.ජනතාව වින්ද දුක මම දන්නවා.
නමුත් අසීරු තීරණ ගත්තොත් රුපියල ශක්තිමත් කරන්න පුළුවන් කියා මා දැක්කා.
කෙසේ හෝ දැන් ආර්ථිකය දුවන තැනට ඇවිත් තිබෙනවා. මේ සියල්ල සිදු කර දැන් මා ඡන්දෙට එනවා. ඒ සඳහා පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන මා ඉදිරිපත් කර තිබෙනවා. අපට රැකියා බිහි කරන්න ,බදු බර අඩු කරන්න, හැකියාව තිබෙනවා.එමෙන්ම උරුමය, අස්වැසුම, ආරක්ෂා කරන්නට අපනයන ආර්ථිකයක් බවට පත් කරන්නට අප කටයුතු කරනවා.
මා රුපියල ශක්තිමත් කරන විට ඔබ සැමගේ ජීවන බර සැහැල්ලු වෙනවා.
ඊළඟ වසර පහ ඇතුළත මා තවදුරටත් එය කරනවා.2026 වසර වන විට මා රට සාමාන්‍ය අතට ගෙන එනවා.
රැකියා බිහි කරනවා.සංචාරක ව්‍යාපාරය දෙගුණයක් කරනවා.වැඩි වන ලෝක ජනගහනයට අනුව ආහාර සැපයීමට කටයුතු කරනවා.ආයෝජන කලාප බිහි කිරීමට කටයුතු කරනවා.
එන වසරේ සිට තරුණ තරුණියන් සඳහා රැකියා ලක්ෂයක් බිහි කිරීමට ආණ්ඩුව මුදල් වැය කරනවා.
අස්වැසුම තවත් ලබාදීමට තිබෙනවා. උරුමය ඉඩම් ඔප්පු ලබා දෙනවා.එයින් ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. එමෙන්ම ලැයින් කාමර වෙනුවට වතු ගම්මාන බිහි කරනවා.
"අප ලංකාව අපනයන ආර්ථිකයක් බවට පත් කරමු.අනාගතයේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය අනුව ඉදිරියට යා යුත්තේ ඒ නිසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙක් අය රට හදන ආකාරය ගැන කියන්නේ මොනවාද? සජිත් ගැන මොනවා කියන්නද? ඔවුන් හැම දෙයක්ම නොමිලේ දෙන බව කියනවා. තව ටික දවසකින් ඔවුන් බඩු
ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියාවි.
මාලිමාවෙන් පොහොසත් රටක් ,ලස්සන ජීවිතයක් කියා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අය කියන්නේ කෝපි කඩේ කතා. ඇත්ත කියන්න බයයි.මාලිමාව කියන විදියට අයවැය හැදුවොත්
ආරම්භ වෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල 400 - 450 අතර අගයකින් ඉහළ නැගලා. එහෙම වුනොත් උද්ධමනය සියයට 25කට යනවා.අපට ණය ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පහක අගයක් දක්වා පමණයි.
දැනට අපේ වාර්ෂික වියදම ඩොලර් බිලියන 6800ක් පමණ වෙනවා. නමුත් ආදායම ඩොලර් බිලියන 5100ක්. මේ අනුව අපට පරතරයක් තිබෙනවා. ඒ පරතරය පියවීම සඳහා සියයට පහකට වඩා අඩු පොලියකට ණය ගැනීමට මා බලාපොරොත්තු වෙනවා.එවිට අපගේ අයවැය පරතරය පියවීමට හැකියාව ලැබෙනවා.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔවුන්ගේ අයවැය පිළිබඳ මා සලකා බැලුවා.රුපියල් බිලියන 8900 ක් මාලිමාවේ ප්‍රතිපත්ති අනුව වියදම යනවා.මේ අය කියන පරිදි බදු අඩු කළ විට ආදායම රුපියල් බිලියන 4900 ක් පමණයි. අපගේ අයවැය අනුව ලබන ආදායම බිලියන 5100යි. රුපියල් බිලියන 4000ක් අඩුවී තිබෙනවා. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.9ක් අඩු වී තිබෙනවා .ඉතින් ඉතිරි ටික හොයාගන්නේ කොහොමද? ණයට සල්ලි ගන්න ගියොත් ඔවුන්ට පොලිය සියයට 25 ක්වත් ගෙවන්න වේවි.සල්ලි අච්චු ගහන්න ගියොත් මොකද වෙන්නේ?කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ ඩොලරය පන්සියයක් වේවි.
මා අහන්න කැමතියි මා මිත්‍ර....... ආ, මට මිත්‍රයා කියන්න එපා යැයි කියලා තිබෙනවා . හිටපු කෘෂිකර්ම ඇමති අනුරගෙන් මම අහනවා. මේ අයවැය මොකක්ද? මිනිසුන්ට නැවත මෙහෙම බර පටවන්න හදන්නේ ඇයි?
වහාම සංඛ්‍යාලේඛන කියන්න. නිකං කෝපි කඩේ කතා කියන්න එපා.ජනතාවට දාන්න යන බර ගැන කියන්න.
හිල් තියෙන බැනියම් අඳින කෙනා සහ ඩොක්ට සූරියප්පෙරුම මෙය හැදුවා නම් ඒ අය උත්තර දෙන්න. මේ අයට ආර්ථිකය සැලසුමක් නැහැ. ආර්ථිකය නැවත කඩනවා.
එහෙම වුනොත් ගෝඨාභයගේ කාලෙට වඩා අමාරු තත්ත්වයක් හිටපු කෘෂිකර්ම ඇමති අනුරදී යුගයක් ආවොත් ඇතිවේවි.
මේ නිසා ඔබ ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කරන්න" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ගුණතිලක රාජපක්ෂ ,උදයන කිරිඳිගොඩ, වේලුකුමාර්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල, මහත්ම මහත්මීහූ ද අදහස් දැක්වූහ.
COMMENTS
මෙයා කවදාද ඡන්දයක් දිනුවේ
“අපි අනිවාර්යයෙන්ම දිනනවා,දිනනවා,දිනනවා.” ........ඒ කියන්නෙ දැං එයත් මාලිමාවටද?
දින්නාට පස්සේ ඔය පැත්තේ හදාවි වොක්ස්වගන් කොම්පැනියක්. වොක්වගන් රනිල් මොඩල් එක කියලා වාහනත් එවි. යයි නිකම් හැටට හැටේ ගුඩු ගුඩු ගාගෙන.
"මං ආරක්ෂා කළා නම් ඔවුන් මා සමඟ වේදිකාවේ සිටිය යුතුයි යුතුයි. මම ආවේ ජනතාව ආරක්ෂා කරන්නයි." "අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ගුණතිලක රාජපක්ෂ ,උදයන කිරිඳිගොඩ, වේලුකුමාර්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල, මහත්ම මහත්මීහූ ද අදහස් දැක්වූහ.
දිනනවා නම් මොන මගුලකට ද පරදින උන් ගැන වැළපෙන්නේ
ජෙප්පන්ට නෝන්ඩි දන්න එපා ඔහොම අයත් මිනිස්සුනේ.
සෑහෙන කාලයක් දේසපාලනේ කරපු තමුන් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
අයියෝ සියේ ඔයාට බැහැ !!! සීයාගේ ආණ්ඩුව ගැන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් අද විවේචනය කළා. බොරු කියා කියා හැමතැනම ඇවිදින්නේ ඇයි ? ඔයා කියනවා අනුර ඔයාගේ යාලුවාලු. අනුර කියනවා එයා ජනාධිපතිවුන වහාම ඔයාව අධිකරණයට ඉදිරිපත්කරනවාලු ඔයා කරපු අපරාධවලට. සීයා ඉල්ලගෙන කෑවේ . දැන් ඉතින් හිරේ යන්න ලැහැස්තිවෙන්න.
කොපමණ කාලයක් ඔබ දේශපාලනය කළත් ඔබතුමාව ජනාධිපති කරේ ගෝඨාභය. ඒක රටේ වාසනාවට වෙච්ච සිදුවීමක් .මෙපමණ කාලයක් ජනාධිපතිකම් කරපු මිනිස්සු නියම දැක්මක් ඇතිව වැඩ කළේ නෑ. ඔබට පැහැදිලි දැක්මක් තියෙනවා .ඔබට තනියම තීරණ ගැනීමේ නිදහස දීලා තියෙන්නේ දැනුයි උපරිම ප්‍රයෝජනය ගන්න බහුතර ඡන්දෙන් දිනුවට පස්සේ එක එක රැඩිකල්වාදීන්ට බයේ ගන්න තීරණ වෙනස් කරන්න එපා. (ජෙප්පෝ ) ඔය එක උදාහරණයක්.. රට විනාශ කරන්නේ සුළු පිරිසක් ඒකයි මේ රට හදන්න බැරි මතකනෙ හැත්තෑ එකේ සිරිමාවෝට කරපු දේ.. ඔය ජවිපි හැටිකරය තුරන් කරන්නම ඕනේ...
පුවත ගැන අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් ඉතාම ද්වේශයෙන්, අරුතක් නැති දෑ පමනක් පවසන බව පෙනෙයි..... ඉදිරිපත් කර ඇති පුවතට අදාලව කරුනු දක්වන්නේ නම් ඉතා අගනේය.... මෙම පුවත තුල අදාල කරුනු දත්ත හොදින් කියවා ඔබගේ කරුනු දක්වන්න..... එසේ කරන්නේ නම් ඔබගේ හිස් බව ලෝකයට නොපෙනේ....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු පළපුරුදු, උගත්, අත් දැකීම් සහිත දේශපාලඥයෙකු වන අතර ඔහුට තරම් ජාත්‍යන්තර සම්බන්ධතා, සැලසුම් සහ උපාය මාර්ගික අර්බුද කළමනාකරණය පිලිබඳ හැකියාවන් සහසහ දැනුම ඇති වෙනත් කිසිවෙකු අද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල නැත. ඔහු සමග සසඳන විට අනුර කුමාර සහ සජිත් යනු කට මැත දොඩවන ළදරුවන් සේ මට දිස්වේ. මා රනිල් වාදියෙක් නොවෙමි. මගේ දේශපාලන අත්දැකීම් පරාසය වසර 40 ක් පුරා ජ.වී.පෙ., ශ්‍රි .ල.නි.ප., සහ ඒ.ජා.ප ය සමග වැඩ කර ලබාගත් අතර, එබැවින් මගේ මතය නම් ශ්‍රී ලංකාවට උදාකරගත හැකි නිදහස් ප්‍රජාතන්ත්රවාදී දියුණු රටක තත්වය ඔබ විසින් නැති කර නොගත යුතු බවය. නැවත රට ආපස්සට යන්න ඉඩ නොදෙන්න .
Nishan, සීයාගෙ ගෝලයෙක් වගෙයි නේද ? ඒ වර්ගයේ හා සමාන නමකුත් තියෙන නිසා
ඔහු ජයග්‍රාහකයා වන බව මට විශ්වාසයි.
මෙයා මේ තරම් හොඳට රට ගොඩනැංවූවා නම්, ආර්ථිකය ශක්තිමත් කළානම්, රටට දැනෙන දෙයක් ඇත්තමට කළා නම් හොරා කෑමටම උපන් හපන් මල් පොහොට්ටු කාරයෝ මෙයාව දාලා යන්නේ නෑ. ඇත්තමටම මෙයා ජනතාවට දෙයක් කරානම් රාජපක්ෂලා අපිට වඩා ඒක හොඳට දන්නවා. එහෙම නම් නාමල් ඡන්දෙට එවන්නෙත් නෑ...
ආණ්ඩු පත්කරන්නේ රැකියා දෙන්න පමණක් නොවේ රටේ දියුණුවට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නව නිෂ්පාදන ඇති කරන්න කෘෂිකාර්මික සංවර්ධනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කරන්න. දූෂණය පිටුදැක මහබැංකු සංචිත ආරක්ෂා කරමින් ආර්ථිකය ශක්තිමත් කරන්න. එවිට රැකියා, ජීවිත සුරක්ෂිත භාවය ඇති වේවි. නමුත් ඔබතුමා වටේම ඉන්නේ සොරුන්, දූෂකයන් නූගතුන් බහුතරයක් නෑ. ඉතින් මක්කැයි කරන්නේ... බුදුසරණයි..!