(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම නිෂ්ප්‍රභ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි නොවන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවත් ඒ අනුව පෙත්සම්කරු පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ යැයි අධිකරණයට දැනුම් දී ඇති බවත් කතානායකවරයා ප්‍රකාශ කළේය
ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දී පෙත්සමේ ඉදිරි කටයුතු අවසන් කර එය නිෂ්ප්‍රභ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායකවරයා දැනුම් දුන්නේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අපරාධ නඩු පනතට ඉදිරිපත්වූ පෙත්සම විසි කරයි