IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා

 (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"දඩබ්බර වෙච්ච ආණ්ඩු හැම වෙලේම ගෙදර ගියා. දඩබ්බර වෙච්ච ආණ්ඩු වලට ජනතාව  ගහන්නේ දැන් නෙමෙයි. වැටෙනකං ඉඳලා.

මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මාස නවයකට.අප්‍රේල් පළවෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා අයවැය ඉදිරිපත් කර තියෙනවා.අයවැයේ හොඳ නරක දෙක දැකගන්න ලැබෙන්නේ  අයවැය යෝජනා ක්‍රියාත්මක වන විටයි.‍ෙ

අයවැයේ හොඳ යෝජනා, වැඩපිළිවෙලක් තියෙනවා.නව අදහස් තියෙනවා.සැලකිල්ලට නොගැනුණු සමාජ ක්ෂේත්‍ර ගැන සැලකීම් තියෙනවා.නමුත් ඇත්ත තත්ත්වය දැක ගන්න ලැබෙන්නේ දෙසැම්බර් අවසානයේ.

වැටුප් වැඩි වීම ගැන මා සතුටු වෙනවා.නමුත් අවුරුදු තුනක සැලැස්මක් අනුව වැටුප් වැඩි කිරීමක් ගැන දැක්වෙනවා.බිලියන 327 ක් මේ වෙනුවෙන් වියදම් කළ යුතු වෙනවා.

ෙපසුගිය අයවැය වල ඉදිරිපත් කළේ ඒ වසර සඳහා යෝජනාවක්.දැන් රට තුළ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා.පඩි වැඩි වෙන ආකාරය ගැන රාජ්‍ය සේවකයාත් දන්නේ නැහැ යනුවෙන්ද අබේගුණවර්ධන මහතා කීය.



අදහස් (9)

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා

kumara Friday, 21 February 2025 02:05 PM

පාර්ලිමේන්තුවේ හොරා කාපු ආණ්ඩු ගෙදර ගිය ලෙස වෙනස් විය යුතුයි.

:       51       52

RS Friday, 21 February 2025 02:28 PM

මම රාජ්‍ය සේවකයෙක් අපි මේ ගැන හොඳට දන්නවා. ඔයගොල්ලෝ කරපු විදිහත් හොඳට දන්නවා. ඔය ගොල්ලන්ට වෙච්ච දේ මේ ගොල්ලන්ට වෙන්නේ නැහැ. වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. ඔයා නිකන් කුලප්පු නොකර ඉන්න.

:       28       62

ගමේ එකාලා Friday, 21 February 2025 02:38 PM

හොටු පෙර පෙර නාහේ හූර හූරා බොරුවට කිඹුල් කඳුළු හෙළලා, ජනතාව අන්දවලා අනුකම්පාව අරගෙන යාන්තම් ජාමේ බේරගත්තු විදිය ගැන වෙන්ඩැති ඔය කියන්නේ..

:       14       58

සෙනෙවිරත්න Friday, 21 February 2025 02:40 PM

ඔබලා හිරේ ගියදාට අපට ඕන එකක් වුණාට කමක් නැහැ...

:       16       47

පිටරටවැසියා Friday, 21 February 2025 02:44 PM

රටකාපු තක්කඩි හැත්ත රටේ ජනතාව විසින් හැමවෙලේම ගෙදර යැව්වා. රට ගැන කැක්කුමක් නැති සුළු පිරිසක් නිසා ගෙදර යැවිය යුතු ඉතාම අතලොස්සක් නැවතත් පාර්ලිමේන්තුවට අවා..

:       11       46

Weerasiri Friday, 21 February 2025 02:45 PM

දැන් ආණ්ඩුවට 2/3ක් තියෙනවා. හොරකම් කරලා තියෙනවා නම් කොමෙන්ට් වල මඩ ගගහා වැලලෙන්නේ, කෙඳිරි ගාන්නේ නැතුව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න. උගන්ඩා දේවි වගේ අවබෝධයෙන් රවට්ටලා මිනිස්සුන්ගේ ඡන්දෙ කොල්ල කන්නේ නැතුව...!

:       17       29

දොන් සේතන් Friday, 21 February 2025 04:59 PM

අරකෙ කොමෙන්ට්දාන්න ඉඩ දෙන්නේ නැති නිසා මේකේ දැම්මා. පොල් ගෙඩියක් හොරකම් කලොත් හතයි, මේ වගේ මහා පොළොව නුහුලනා අපරාධයකට එක එල්ලේම සහකරුවෙක් වුණාම හතරයි, රහස තියෙන්නේ අල්ලන පෙරකදොරුවා මතයි. පෙරකදෝරුවා ඉස්සෙල්ලම අහන්නේ නඩු කාරයා කවුද කියලයි. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩිනේ හරි යන්නේ...

:       0       14

GAMA VARESE Friday, 21 February 2025 09:55 PM

මේ COMMENTS දාන අයියලාට කියන්නේ කෙඳිරි ගගා වැලපෙන්න දෙයක් නැහැනේ. දැන් ආණ්ඩුවට 3/2 බලයක් තියෙනවා. හොරාකාලා තියෙනවා නම් අල්ලා ගන්න. දැන්නම් හොදට පේනවා ගොනා හැරි හැරි යන්නේ මොන පැත්තටද කියලා...

:       2       5

Chathuri Saturday, 22 February 2025 02:13 AM

තමුන් බය නොවී ඉන්නකෝ. මොලකාරයින්ගේ වැඩ වලට අත නොදා. බයියලා, පිනාලා රජකම් කර්නකොට මුදල් තිබිලාත් හොරා කෑවේ මහජනයාගේ අර්ථසාධක අරමුදල්... ආයතනවල රැස්කර ගත් ආදායම් මේ සේරමත් හොරා කාලා... ජනාධිපති අර මුදලටත් විද්දා. හරිද? මම අහන්නේ මහජනතාවගේ මුදල් නේ මේවා බදු ගෙවන. අනුර ජනාධිපතිට. වැටුප් ගෙවන්න බැරිවුණොත් එයත් ඒ මුදල් අරගන දෙන්නේ... රටේ සේවකයින්ට. මේ අයට විතරයි සැප විඳින්න පුලුවන්. දැන් ජනතාවට කරන දේවල් දැක්කාම සේරටම දිරවන්නේ නෑ. මොවුන්ට බඩ යන්නේ. රට දියුණු වුණාට පස්සේ. එතකොට මේ නාකි නඩේ මැරෙන්න ළඟයි දැනටත් පණ අදින කට්ටිය ඉන්නවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 360 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 598 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 400 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 697 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1322 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 625 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site