
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දඩබ්බර වෙච්ච ආණ්ඩු හැම වෙලේම ගෙදර ගියා. දඩබ්බර වෙච්ච ආණ්ඩු වලට ජනතාව ගහන්නේ දැන් නෙමෙයි. වැටෙනකං ඉඳලා.
මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මාස නවයකට.අප්‍රේල් පළවෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා අයවැය ඉදිරිපත් කර තියෙනවා.අයවැයේ හොඳ නරක දෙක දැකගන්න ලැබෙන්නේ අයවැය යෝජනා ක්‍රියාත්මක වන විටයි.ෙ
අයවැයේ හොඳ යෝජනා, වැඩපිළිවෙලක් තියෙනවා.නව අදහස් තියෙනවා.සැලකිල්ලට නොගැනුණු සමාජ ක්ෂේත්‍ර ගැන සැලකීම් තියෙනවා.නමුත් ඇත්ත තත්ත්වය දැක ගන්න ලැබෙන්නේ දෙසැම්බර් අවසානයේ.
වැටුප් වැඩි වීම ගැන මා සතුටු වෙනවා.නමුත් අවුරුදු තුනක සැලැස්මක් අනුව වැටුප් වැඩි කිරීමක් ගැන දැක්වෙනවා.බිලියන 327 ක් මේ වෙනුවෙන් වියදම් කළ යුතු වෙනවා.
ෙපසුගිය අයවැය වල ඉදිරිපත් කළේ ඒ වසර සඳහා යෝජනාවක්.දැන් රට තුළ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා.පඩි වැඩි වෙන ආකාරය ගැන රාජ්‍ය සේවකයාත් දන්නේ නැහැ යනුවෙන්ද අබේගුණවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ හොරා කාපු ආණ්ඩු ගෙදර ගිය ලෙස වෙනස් විය යුතුයි.
මම රාජ්‍ය සේවකයෙක් අපි මේ ගැන හොඳට දන්නවා. ඔයගොල්ලෝ කරපු විදිහත් හොඳට දන්නවා. ඔය ගොල්ලන්ට වෙච්ච දේ මේ ගොල්ලන්ට වෙන්නේ නැහැ. වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. ඔයා නිකන් කුලප්පු නොකර ඉන්න.
හොටු පෙර පෙර නාහේ හූර හූරා බොරුවට කිඹුල් කඳුළු හෙළලා, ජනතාව අන්දවලා අනුකම්පාව අරගෙන යාන්තම් ජාමේ බේරගත්තු විදිය ගැන වෙන්ඩැති ඔය කියන්නේ..
ඔබලා හිරේ ගියදාට අපට ඕන එකක් වුණාට කමක් නැහැ...
රටකාපු තක්කඩි හැත්ත රටේ ජනතාව විසින් හැමවෙලේම ගෙදර යැව්වා. රට ගැන කැක්කුමක් නැති සුළු පිරිසක් නිසා ගෙදර යැවිය යුතු ඉතාම අතලොස්සක් නැවතත් පාර්ලිමේන්තුවට අවා..
දැන් ආණ්ඩුවට 2/3ක් තියෙනවා. හොරකම් කරලා තියෙනවා නම් කොමෙන්ට් වල මඩ ගගහා වැලලෙන්නේ, කෙඳිරි ගාන්නේ නැතුව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න. උගන්ඩා දේවි වගේ අවබෝධයෙන් රවට්ටලා මිනිස්සුන්ගේ ඡන්දෙ කොල්ල කන්නේ නැතුව...!
අරකෙ කොමෙන්ට්දාන්න ඉඩ දෙන්නේ නැති නිසා මේකේ දැම්මා. පොල් ගෙඩියක් හොරකම් කලොත් හතයි, මේ වගේ මහා පොළොව නුහුලනා අපරාධයකට එක එල්ලේම සහකරුවෙක් වුණාම හතරයි, රහස තියෙන්නේ අල්ලන පෙරකදොරුවා මතයි. පෙරකදෝරුවා ඉස්සෙල්ලම අහන්නේ නඩු කාරයා කවුද කියලයි. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩිනේ හරි යන්නේ...
මේ COMMENTS දාන අයියලාට කියන්නේ කෙඳිරි ගගා වැලපෙන්න දෙයක් නැහැනේ. දැන් ආණ්ඩුවට 3/2 බලයක් තියෙනවා. හොරාකාලා තියෙනවා නම් අල්ලා ගන්න. දැන්නම් හොදට පේනවා ගොනා හැරි හැරි යන්නේ මොන පැත්තටද කියලා...
තමුන් බය නොවී ඉන්නකෝ. මොලකාරයින්ගේ වැඩ වලට අත නොදා. බයියලා, පිනාලා රජකම් කර්නකොට මුදල් තිබිලාත් හොරා කෑවේ මහජනයාගේ අර්ථසාධක අරමුදල්... ආයතනවල රැස්කර ගත් ආදායම් මේ සේරමත් හොරා කාලා... ජනාධිපති අර මුදලටත් විද්දා. හරිද? මම අහන්නේ මහජනතාවගේ මුදල් නේ මේවා බදු ගෙවන. අනුර ජනාධිපතිට. වැටුප් ගෙවන්න බැරිවුණොත් එයත් ඒ මුදල් අරගන දෙන්නේ... රටේ සේවකයින්ට. මේ අයට විතරයි සැප විඳින්න පුලුවන්. දැන් ජනතාවට කරන දේවල් දැක්කාම සේරටම දිරවන්නේ නෑ. මොවුන්ට බඩ යන්නේ. රට දියුණු වුණාට පස්සේ. එතකොට මේ නාකි නඩේ මැරෙන්න ළඟයි දැනටත් පණ අදින කට්ටිය ඉන්නවා...