IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර 5න් 3ක්ම කැඩිලා

(නිමල කොඩිතුවක්කු)

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක්ම බිදවැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමන විකිරණ ප්‍රතිකාර කටයුතු ඇන හිට ඇති බවද එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉකුත් 07 වැනිදා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර දෙකක්ද 08 වැනිදා එක් යන්ත්‍රයක්ද බිඳවැටී  ඇති අතර මේ දක්වා ඒවා යාවත්කාලීන කර නොමැති බවද ඔහු කීවේය.



අදහස් (3)

අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර 5න් 3ක්ම කැඩිලා

රුවන් Thursday, 13 March 2025 04:28 PM

වෛද්‍යවරු මේවාට තමයි වර්ජන කරන්න ඕනේ. හැබැයි මේවා ඒ අයට වෙන්නේ නෑ. අදත් රෝගීන් සීයක් විතර මිය ගියාලු වර්ජනය හින්දා. මියයන පවුලේ උදවියට වෛද්‍යවරුන් වන්දි ගෙවනවාද? කුමන රටක් ද මේ..?

:       1       7

කපුරු හාමි Thursday, 13 March 2025 05:52 PM

බාල බෙහෙත් ගෙනැල්ලා ලෙඩ්ඩුන්ට දීපු, මහාපරිමාණයෙන් ගසාකාපු හිටපු සෞඛ්‍ය ඇමැතියා මේ දේවල් වලට වගකියන්න ඕනේ? දොස්තරලාත් හැම දේටම ස්ට්‍රයික් කරන්න නම් පුදුම උනන්දුවක් තියෙන්නේ...!

:       3       6

Rata Perata Friday, 14 March 2025 12:41 PM

රනිල්ගේ ආණ්ඩුව තමන්ටම බෙදාගන්නකොට මේවා දැක්කේ නැද්ද දන්නේ නෑ. නිවාස හානි කියලා බිලියන ගණන්. රට සවාරිවලට කෝටි ගණන්. මෙච්චරකල් ආණ්ඩු කරලා තියෙන්නේ මංකොල්ල කාරයෝ කියලා දැන් තමයි හිතෙන්නේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site