
(සුජිත් හේවාජුලිගේ)
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ලිටි හාට් ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි හැට දෙකකට වැඩි මහජන අරමුදල් ( 2023 වන විට) රැස් කර තිබුණද එම මුදල්වලින් වැය කර තිබිණේ රුපියල් කෝටි අටක් පමණක් බව විගණන වාර්තාවේ දැක්වේ.
එසේම එම රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය වැඩ දියුණු කිරීම සඳහා පරිත්‍යාගශීලීයකු සිය අන්තිම කැමති පත්‍රයකින් දී තිබූ රුපියල් කෝටි හතරක් මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලැබුණු රුපියල් කෝටියකට වැඩි මුදලක් අදාළ කාර්යන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා විවිධ ව්‍යාපෘති හතරකට අදාළව ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි පරිත්‍යාග මුදල් අරමුණු ගත කාරයන් ඉටු කිරීම සඳහා යොදවීමට කටයුතු කර නොතිබූ බවද වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2023 වාර්ෂික වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
nipuna Friday, 18 April 2025 03:27 PM
දෙයියනේ, මේ කාගේහරි ජීවිතයක් බේරාගන්න තිබුණු සල්ලි නේද?
Lalla Friday, 18 April 2025 07:42 PM
අරවට මේවට කියල සල්ලි ඉල්ලන කිසිම කෙනෙකුට සල්ලි දෙන්න එපා කියන එක ඇත්ත නේද?