
(ප්‍රියන්ත ජයලත්)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා දෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් රෝහලේ නොමැතිකම හේතුවෙන් එම ඖෂධ පිටත ඖෂධ අලවිසල්වලින් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට සිදුව ඇතැයි රෝගීහු පවසති.
මේ අතර ඇතැම් ඖෂධ පිටත ඔසුසල්වල ද නොමැති බව රෝගීහු කියති.
පිළිකා රෝගීන්ට ශරීරයේ සුදු රුධිරාණු නැවත නිෂ්පාදනයවීම සදහා නයිට්‍රජන් එන්නත පිටත ඖෂධ වෙළෙදසල්වලින් ලබාගැනීමට රුපියල් 16,000 ක් පමණ මුදලක් වැය වන නමුත් එන්නත පිටතින් මිලදී ගැනීමටවත් නොමැති නිසා එම රෝගීහු අන්ත අසරණ වී සිටිති.
මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අවධානය කඩිනමින් යොමු කර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර පොර බදමින් සිටින තමන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි ඉක්මනින් ක්‍රියා කරන ලෙස මහරගම අපේක්‍ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීහු ඉල්ලා සිටිති.
මේ සම්බන්ධව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.
බෙහෙත් වර්ග කීපයක හිගයක් තියෙනවා. ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙන්නේ. ඉක්මනින්ම මේ ගැටලුව විසදන්න බලාපොරොත්තු වෙනවායැයි ද කීය.
2025 නොවැම්බර් මස 04
505
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපේක්ෂා රෝහලේත් අත්‍යවශ්‍ය ඖෂධ හිගයි