NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම් ගිණුම, ශක්තිමත් මූල්‍ය පදනමක් සමඟින් මූල්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන නවතම බැංකුකරණ විසඳුම් හා ප‍්‍රතිලාභ සපයයි.
ඩිජිටල් බැංකු ගිණුමකට පමණක් සීමා නොවූ NDB PIXEL, යොවුන් ප‍්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරමින් විනයකින් යුතු මූල්‍ය පාලනයක් සහ ඉතිරි කිරීමේ පුරුද්දක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම උදෙසා වූ හඳුන්වාදීමකි.
එමෙන්ම, මූල්‍ය කටයුතු වගකීමෙන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ විධික්‍රම වලින් අපගේ යෞවනයන් සන්නද්ධ කරමින් වඩාත් සුරක්ෂිත සහ සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කිරීම ද මෙමගින් සිදු කෙරේ.
නව යොවුන් වියේ දරුවන් සතු අවශ්‍යතා මනාව හදුනා ගනිමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා වූ NDB PIXEL, රුපියල් 5,000/- ක මූලික තැන්පතුවකින් ආරම්භ කළ හැකි අතර, ඉහළ පොලී අනුපාතයක් සමඟින් සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.
මෙහි සුවිශේෂී ප‍්‍රතිලාභ ලෙස ඩිජිටල් ගිණුම හරහා උපකාරක පන්ති ගාස්තු, ඔන්ලයින් ගනුදෙනු මෙන්ම පාසල් හා සම්බන්ධ ගෙවීම් වැනි එදිනෙදා මූල්‍ය කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා හඳුන්වාදුන් ඩෙබිට් කාඩ් පතක් සමඟින් ජංගම/ඔන්ලයින් බැංකුකරණ පහසුකම් සඳහන් කළ හැක.
NDB PIXELගිණුම විවෘත කළ හැක්කේ මවුපියන්ගේ/භාරකරුගේ කැමැත්ත ඇතිව පමණි. තවද, සෑම ගනුදෙනුවක් සඳහාම මවුපියන්/භාරකරුවන් විසින් නම් කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩ දැනුම්දීම් හරහා තම දරුවා විසින් සිදුකරනු ලබන ගනුදෙනු නිරීක්ෂණය කිරීමට හැකි වීම නිසා අමතර ආරක්ෂාවක් සහ මානසික නිදහසක් ලබා දෙයි.
(සී මුණසිංහ)
2025 නොවැම්බර් මස 17
18
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL