
(රෝෂන් තුෂාර)
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනාගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (06) නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවට නිකුත් කළ ඇප කොන්දේසිය ඉවත් කරමින් ඇප ලිහිල් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප කොන්දේසි ලිහිල් කෙරිණි.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකරුවන් වන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා,ඔහුගේ බිරිඳ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වූ අනුර සෙනවිරත්න අධිකරණයේ පෙනී සිටියේය.
2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 6146110ක මුදලක් ලබාගෙන, එම මුදලින් ලබා ගත්තේ යැයි කියන වියලි ආහාර ද්‍රව්‍ය ගංවතුරින් අවතැන් වූවන්ට ලබාදීම නොකර 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ වියළි ආහාර මලු බෙදා දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරේ.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
කව්ද බෝයි Tuesday, 06 May 2025 03:55 PM
ස්වාභාවික විපතකින් අසරණ වෙච්ච මිනිස්සුන්ගේ ආධාරත් ගසාකපු, තිරිසන් හැතිකරේ. ඕකුන්, පණපිටින් ඉන්දැද්දී, පණුවො ගහලා, ඕජස් ගලලා, මැරෙන්න ඕන.